‘උණ හැදුනොත් බලන් ඉන්න එපා’


 දින දෙකකට වඩා උණ පවතී නම්  රෝගීයා රජයේ රෝහලට ඇතුළු කරන්නැයි රජයේ රෝහල උපදෙස් දෙයි.

කොළඹ ජාතික රෝහල,රිජ්වේ හා කළුබෝවිල රෝහල් වලට ඇතුළු වු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ බවත් ඔවුන් උණ සැදී දින ගණනාවකට පසුව රෝහල් ගතවී ඇති බවත් හිතුමතේ   වේදනා නාශක බෙහෙත් පාවිච්චි නොකරන ලෙසත් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඉල්ලීමක් කරයි.

පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක පාවිච්චි  නොකරන ලෙසද ඔහු කියයි.

ගිය වසරේ කොළඹ  ළමා රෝහලේ ඩෙංගු රෝගීහු 3631 දෙනෙක් ප්‍රතිකාර ලැබුහ.ඉන් 501 දෙනෙක් ඩෙංගු රක්තපාතයෙන් පෙළුණු අතර 17 දෙනෙක් මරණයට පත් වුහ.

මරණයට පත් වුවන් රෝහල්ගත වී ඇත්තේ උණ හැදී  දින තුන ඉක්ම වීමෙන් පසුවය.