ඩී.ජී.සුගතපාල
මේ දිනවල දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගය පිළිබඳ මාතර සහ කරාපිටිය රෝහල් වලින් නිවැරදි සංඛ්‍යා ලේඛන නොදෙන බවත් එම තොරතුරු වසන් කරන්නේ ඇයි දැයි නොදන්නා බවත් අද (22) පැවති දකුණු පළාත් සභා රැස්විමේදී අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.
සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදී රැස්වීම පැවැත්විණි.
එහිදි අමාත්‍යවරයා මෙසේ කීය. මේ දිනවල පැතිර යන උණ රෝගය නිසා මව්පියන් භිෂණයට පත්වෙලා.එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුගේ ලොකු දරුවට හැදුනා.පස්සේ අනෙක් දරුවටත් හැදුනා පස්සේ එම වෛද්‍යවරයා විසින්ම දරුවා ගිලන් රථයේ දමාගෙන කොළඹට ගෙන ගියා.
මේ උණ හැදෙන්නේ මාතරදියි. නමුත් මැරෙන්නේ කරාපිටියේදියි. හැබැයි මාතර නිවැරදි සංඛ්‍යා ලේඛන දන්නෙත් නැහැ. කරාපිටිය දන්නෙත් නැහැ.ඇයි මේ තොරතුරු හංගන්නේ.“
“ඇල්පිටිය රෝහලේ මේ වනවිට උණ රෝගින් පනහක් සිටිනවා.වාට්ටු ඉඩ නැහැ.මේ නිසා පිටින් පුටු ගෙනැල්ල රෝගින් වාඩි කරලා. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දෙන සංඛ්‍යා ලේඛන වැරදියි“ යැයි සභානායක චම්ලි විතානාච්චි මහතා පැවසීය.