( අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල මෙන්ම පාසල් අධ්‍යාපන ලැබූවද සැමට රැකියා සහ ආදායම් මාර්ග බිහිකරන වැඩසටහන ඊළඟ වසර පහේදී තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අසීරුවෙන් වුවද පළමු වටයේ රේස් තරගයෙන් රටට බොහෝ ජයග්‍රහණ ලබා දීමට හැකි වූ බව පැවසූ අගමැතිවරයා දෙවැනි වටය දුවන්නේ රටට රැකියා සහ ආදායම් මාර්ග බිහි කිරීම සඳහා බවද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ බාහිර උපාධිධාරීන් 4173 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට එක් වෙමිනි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශට විසින් මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)









