චින්තන බොස්ව මොන්ටිසෝරි යවන්න හිතාගෙන වාමදේවයල අයිඩියල් ප්ලැනක් සෙට් කළා. මොන්ටිසෝරියට දාගන්න පුළුවන්. ඒත් ප්‍රොබ්ලම්එක වයස අඩු කරන එක.වාමදේවයා කණ්ණාඩියට කීය. සිම්පල් වැඩක්නේ වාමදේවයා ඕක. අපි ජෙල්පියාට කියමු. ඒක කරල දෙන්න කියලා. මෑන්ස් ඔය අයිඩින්ට්, පාස්පෝට්, බර්ත් සැටිපිකේට්වල වයස අඩු වැඩි කරල වැඩ කිඩ දුන්න ඔස්තාර්නේ. කණ්ණාඩියා රිටන් රිප්ලයි එක දුන්නේය. ඇත්ත නේන්නම්. යමු යමු කියල වාමදේවයයි කණ්ණාඩියායි ජෙල්පියා මීට් වෙන්න ගියේය. ඒ යනවිටත් ජෙල් පියා පාස්පෝට් මිටියක් ළඟ තියාගෙන බර වැඩකය.
ආයිබෝං කිව්ව වාමදේවයා කීය.
ආයිබෝං ආයිබෝං මොකද ඇම්ඩට කෙලින ප්ලෑනක් සෙට් වුණාද? ජෙල්පියා ඇසීය. අපි මේ ප්ලෑන් කළේ චින්තන ලොක්කට මොන්ටිසෝරි දාල අලූතින් වැඬේ පටන් ගත්ත. වාමදේවයා අයිඩියා එක දැම්මේය.
ඒක නියමයි. ඒත් ඔය යෝධයට කොහොමද මොන්ටිසෝරියට දාන්නේ ජෙල්පියා ඇසීය. ඒකට පොඩි ගේමක් දෙන්න වෙනවා. වයස අඩු කරල බර්ත් සැටිපිකේට් එකක් ඕනා වෙනව වාමදේවයා අයිඩියා පාර දැම්මේය.
වාමදේවයා එහෙම කියපු ගමන් ජෙල්පියා පුටුවෙන් නැගිටල බල්ටියක් ගහල සින්දු පාරක් දැම්මේය.
”මල්ලි ඕවත් වැඩ මල්ලි ඕවත් වැඩද” කියල දෙන්නම්කො දොඩම් ජෙල් පියා කීය.
දැන් චින්තන බබාගේ උප්පැන්නය වයස අඩු කරල ජෙල්පියා නියමෙට වැඩේ කළා. දැන් කොහේ මොන්ටිසෝරියටද දාන්නේ ජෙල්පියා ඇසීය. ඔය රාජගිරියේ පැත්තේ තියෙනවා ඉන්ටර්නැෂනල් ස්කුල් එකක මොන්ටිසෝරියක්. ඒකේ ප‍්‍රින්සිපල් පොර ලංසි හාදයෙක් හැබැයි මිනිහ ගිරව වගේ කියවනවා. මෑන් ගාවට තමයි යන්න සිතාගෙන ඉන්නේ වාමදේවයා කීය.
දැන් පහුවදා රාජගිරියේ ඉන්ටනැෂනල් ස්කුල් එකට චින්තන බබාව එක්කරගෙන ගියේ වාමදේවයයි කණ්ණාඩියයි. ප‍්‍රින්සිපල්කාරයාගේ නම මොකක්ද කණ්ණාඩියා ඇසීය. මැරියන් කොක් වාමදේවයා රිප්ලයි එක දුන්නේය. ගුඞ්මෝනින් සර්. දෙදෙනාම ප‍්‍රින්සිපල් පොරට කීය. ගුඞ්මෝනින් ගුඞ්මෝනින් ආධාර පත‍්‍රයක් නොවෙයිනේ. මැරයින් කොක් ඇසීය. නැහැ අපි ආවේ ළමයෙක්ව දාගන්න වාමදේව යා කීය. කෝ ළමයා ප‍්‍රින්සිපල් ඇසුවිට මේ ඉන්නේ කියා චින්තක බඩාව පෙන්නුවේය.
අපොයි මෙයාව කොහොමද ගන්නේ. මේ මොන්ටිසෝරි පංතියේ ඉන්නෙ බටු ඇට සයිස් එවුන්. මේ සද්දන්තයෙක්නේ ප‍්‍රින්සිපල් කීය. නෑ ඒ වුණාට වයස නෑ. අලූතෙන් පටන්ගන්න යන්නේ වාමදේවයා කීය. කෝගන්න බලන්න උප්පැන්නය කියා ප‍්‍රින්සිපල් උප්පැන්නය පරීක්ෂා කරයි. මේ වයසට කොහොමද මෙච්චර ලොකු වුණේ ප‍්‍රින්සිපල් ඇසීය.
කාලාකාලාම තමයි අධිපෝෂණය. සර් කිව්වට විශ්වාස කරන්නේ නෑ හැමදාම උදේට කන්නේ හිල්ටන් එකෙන්. ඒකයි මේ සද්දන්තය වගේ ඉන්නේ. වාමදේවයා කීය.
තමන් මේ බබාගේ තාත්තද? ප‍්‍රින්සිපල් ඇසීය. නෑ අපි භාරකාරයෝ දෙදෙනාම කීය. කෝ තාත්තා? ප‍්‍රින්සිපල් ඇසීය. තාත්තා ගෙදර නෑ. දෙවෙනි කසාදයක් කරගෙන.වාමදේවයා කීය. තාත්තා මේ ළමයට සළකන්න නැද්ද? ප‍්‍රින්සිපල් ඇසීය. පිස්සු ඩබල් තමයි සර් තාත්තට මේ ළමයට පෙන්නන්න බෑ. මොනම ගනුදෙනුවක් වත් නෑ කියල එයා ප‍්‍රසිද්ධියේම කියනවානේ. තාත්තාගේ දෙවෙනි කසාදෙට ලොකු දෑවැද්දක් හම්බවෙලා. ඒකයි ඒ. හැබෑට. ප‍්‍රින්සිපල් පොර කියයි.
විශ්වාස කරන්ඩ සර් අලියොම 50කට කිට්ටුයි. දැප් අලියො ටික වත්තේ ගැට ගහල කන්ඩ දෙනවා. නාවනවා උන්ට රජ සැප. ඒත් මේ ළමය දිහා ඇහැ ඇරල බලන්නේ නෑ. වාමදේවයා කීය. මහ ජරා තාත්තා කෙනෙක්නේ. ප‍්‍රින්සිපල් පොර කියයි. ඒකනෙ සර් මේ ළමයට අපි බලන්නේ. කණ්ණාඩියා කීය. දැන් මේ ළමයා පංතියේ ඉන්න පොඩි එවුන්ට ගහයිද දන්නේ නෑ. ප‍්‍රින්සිපල් පොර අඩමානයෙන් ඇසීය. පිස්සුද සර් මේ චින්තක බබා පොඩි එවුන්ට හරි ආදරෙයි. වැඬේම වඩා ගන්න එකයි උඩදාන එකයි. බලන්න සර් අපේ වත්තේ එක ළමයෙක් නෑ මෙයා වඩා ගත්තේ නැති. දැන් පාරේ යනවනේ එතකොට මගදි දකින දකින ළමයින්ව දුවගෙන ගිහින් වඩා ගන්නවා. ඔය පත්තරවලත් පින්තුර ගියා. කණ්ණාඩියා හැඩ වැඩ දමමින් කීය.
හරි දැන් බලමුකො බබාත් එක්ක කථා කරල ප‍්‍රින්සිපල් පොර කීය.
බබාගේ නම මොකක්ද?
චින්තන ප‍්‍රසාද්
ෂෝයි නමක් නේ පි‍්‍රන්සිපල් පොර කීය.
බබාට සින්දු කියන්න පුළුවන්ද? ප‍්‍රින්සිපල් පොර අසයි
පුළුවන් නම් කියන්නකො
චින්තන බබා සින්දුව කියන්න සෙට් වෙයි
මාතර කොටුවේ ඔබ මොකද කරන්නේ
තාප්පේ උඩ හැංඟි හැංගි දෑත වනන්නේ
වටින් පිටින් ඇදෙන්නේ ජනට්ස්ල එහි රැඳෙන්නේ
අන්න බොසා ඇවිල්ල යයි කෑ මොර දෙන්නේ
විසිල් ගසන්නේ බල්ටි දමන්නේ
මමත් ඉතින් සිනා පපා දෑත වනන්නේ
මේක මොඞ් කරපු සින්දුවක්නේ. ප‍්‍රින්සිපල් පොර හොල්මන් වෙයි. සර් පසුගිය දවස්වල මාතර ජන පවුරක් තිබුණනේ. අපේ බබා ඒකබලන්ඩ හොරෙන් ගිහින් තිබුණා. ගෙදර ආවෙලේ ඉඳන් ඔය සින්දුව තමයි කියන්නේ වාමදේවයා කීය.
තව සින්දුවක් කියන්නද චින්තක බබා ප‍්‍රින්සිපල්ගෙන් අසයි. හා කියන්නකො බලන්න ප‍්‍රින්සිපල් කියයි.
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් එහෙමයි හෝඩි පොතේ පාඩම්
අර ඊරී මගෙ හැතිරී
හැම තිස්සෙම මට වෛරී
දීසිය පුරවා කෑම දමාලා
හොරෙන්ම ඒවා කා දමලා
ඔය ඊරි කියල කියන්නේ කාටද? ප‍්‍රින්සිපල් වාමදේවයාගෙන් ඇසීය
ඔය කුඩම්මා ගැනනේ කියන්නේ වාමදේවයා කීය
කව්ද කුඩම්මා ප‍්‍රින්සිපල් අසයි
ඇනිබල්x පුදුම වෙනස්කමක්නෙ ඔය අැනිබල් මේ ළමයට කරන්නේ. හොරා කියලමයි කියන්නේ කණ්ණාඩියා කීය.
ඔහොම තමයි කුඩම්මලගෙ හැටි ප‍්‍රින්සිපල් කීවේය. දැන් බබා කියන්නොක යාට ඉන්න හොඳම යාලූවා කව්ද කියලා? ප‍්‍රින්සිපල් පොර චින්තන බබාගෙන් ඇසීය.
චෑන්චූන් එතකොට පුඩින් චින්තන බබා රිප්ලයි කළේය.
ඈ කව්ද චෑන්චූන් කියන්නේ ප‍්‍රින්සිපල් ආයිත් ඇසීය.
ඒ චීනයේ ඉන්න යාලූවෙක්. එයා බබාට ආදරෙයි. වාමදේවයා කීය.
ලියුම් එහෙම එවනවද ප‍්‍රින්සිපල් ආයිත් ඇසීය.
ප‍්‍ර: ලියුම් නොවෙයි සල්ලිත් දෙනවා මේ ළඟී ඇවිත් ගියා. කණ්ණාඩියා කීය. මොනවා සල්ලිත් දෙනවා ප‍්‍රින්සිපල් හොල්මන් වෙලා. සල්ලි ගොඩක් දෙනවද? නිකම් දෙනවද නැත්නම් ණයට දෙනවද? ප‍්‍රින්සිපල් ආයිත් පාරක් ඇසීය.
නිකං දෙන්න චෑන්චූන්ට පිස්සු නෑ සර්. පොලියට දෙන්නේ වාමදේවයා කීය.
එතකොට කොහොමද මේ ළමයා ඒ ණය ගෙවන්නේ ප‍්‍රින්සිපල් ඇසීය. වත්තෙ මිනිස්සු කියල තියෙන්නේ ඕන විදියකට අරගන්න ඒ ගොල්ලො ගෙවන්නම්කියල. ඒ හින්ද බබා අඟහරු ලෝකෙන් මිනිහෙක් ආවත් අත අරින්නේ නෑ. කීයක් හරි ගන්ඩ තමයි මාන බලන්නේ.වාමදේවයා කීය.
ෂෝයිනේ බබා ප‍්‍රින්සිපල් කීය.
බබා තාමත් උදේට කන්නේ හිල්ටන් එකෙන්ද?
ප‍්‍රින්සිපල් ආයිත් ප‍්‍රශ්නයක් ඇසීය
පිස්සුද දැන් කන්නේ කුරක්කන් තලපයි කුරක්කන් පිට්ටුයි විතරයි වාමදේවයා කීය. බබාගේ ජනප‍්‍රියම ක‍්‍රීඩාව මොකක්ද? කි‍්‍රකට්ද ප‍්‍රින්සිපල් ඇසීය.
මම ගොඩක් ආසයි කැසිනෝවලට. තව ලැම්බොගිනිවලින් කාර් රේස්වලටත් ආසයි. චින්තන බබා රිප්ලයි කළේය. මාර බබෙක්නේ ප‍්‍රින්සිපල් කීය. බබාගේ ලංකාවෙ හොඳම යාලූවා කව්ද? ප‍්‍රින්සිපල් ඇසීය. ඉස්සර යාලූවෙක් හිටිය සුමනය කියල දැන් තරහයි වාමදේවයා කීය.
ඇයි දැන් තරහ ප‍්‍රින්සිපල් ආයිත් අසයි. චින්තක බබාට මී වදයක පැණි කන්න ආසවෙලා මීවදයක් කටඩන්න ගියා. සුමනය මී වදය කඩන්න කියල හොඳ වෙලාවක් බලල ගුරුකමක් කරල දීල මී වදය කඩන්න ගියාම මී වදයේ හිටපු මීමැස්සො ටික වටවෙලා බාබට හොඳටම ඇන්න වැටෙන්නම ඇන්න. එදා ඉඳල සුමනය බබාව හම්බ වෙන්න එන්නේ නෑ.
මාර යාලූවෙක්නේ ප‍්‍රින්සිපල් කීය. පංතියට ගියාම ළමයි එක්ක රණ්ඩු වෙයිද දන්නේ නෑ ප‍්‍රින්සිපල් ඇසීය. පිස්සුද සර්. බලන්ඩකො මෙයාව පංතියේ මොනිටර් කරල. ළමයි ඉන්නව නිකං පූස් පැටව් වගේ. නිකමට වත් ඥාව් ගාන්නේ තැතිව.
දැන් මම අන්තිම ප‍්‍රශ්නෙ අහනවා.බබා පොත් කියනවද? මම අහන්නේ හෝඩි පොත ගැන නෙමෙයි ප‍්‍රින්සිපල් කීය. පුඃ පොත් කියවන එක ගැන මන් දන් නෑ. පොත් පෙරල පෙරල ඉන්නවා නම් දැකල තියෙනවා වාමදේවයා කීය.
ආගම ධර්මය ගැන කොහොමද? පන්සල් එහෙම යනවද? ප‍්‍රින්සිපල් ආයිත් පාරක් ඇසීය.
මොනව අහනවද සර්! පහුගිය මාස පහේම හිටියේ පන්සල් වල තමයි.බෝධි පූජාවලට ගියානේ. අනික දන් දෙන්න හරිම කැමැතියි සර්.
ෂෝයිනේ හොඳ ළමයෙක්නේ ප‍්‍රින්සිපල්ට කියවිණි. දැන් මෙහෙමයි. මේ ළමයව මම පංතියට ගන්නම් මාසයක් ඇතුළත විභාගයක් තියෙනවා. ඒකෙන් පාස් වුණොත් මම ළමයව ඉහළ පන්තියකට දාන්නම්. නැත්නම් ඉතින් ගෙදර තමයි ඉන්න වෙන්නේ ප‍්‍රින්සිපල් කීය. නෑ සර් මෙයා විභාග කරගනියි. වාමදේවයා කීය. දැන්කව්ද ළමයගෙ භාරකාරයා ප‍්‍රින්සිපල් ඇසීය. වාමදේවයා කණ්ණාඩිය පෙන්වයි.
චින්තක බබා බලන්න මට වෙලාවක් නෑ සර්. ඒ හින්ද මෙයා නිතරම එයි. මම මේ දවස්වල පංති වගයක් කරනවා. ඒ හින්ද වෙලාව අඩුයි වාමදේවයා කීය. මොනවද කරාටේ පංතිද නැත්නම් අංගම්පොරද
නෑ මේ පංති සටන්. ඒ දවස්වල ඉඳන් තාමත් කරනවා. ලාබෙකුත් නෑ පාඩුවකුත් නෑ. දැන් ප‍්‍රින්සිපල් මැරයින් කොක් චින්තක බබාව මොන්ටිසෝරියට බඳවා ගත්තා. දැන් ගිහින් පංතියේ ටීචර්ට බබාව භාරදුන්නා. දැන් බවා මොන්ටි සෝරි යනවා.
මොන්ටිසෝරි යන්න පටන් අරගෙන සති දෙක තුනක් ගියේ නෑ චින්තක බබා මාර ගුස්පියක් දාගෙන.
ළමයෙක් චින්තක බබාගෙ ඇඟිල්ල කඩන්න ගිහින් චින්තක බබා ළමයව තල්ලූ කරල යන්තම් බේරුණා කියල චින්තක බබා කියන්නේ.
ගුටිකාපු ළමයගෙ පැත්තේ අය කියන්නේ චින්තක බබාට විහිළු කරපු හින්ද ගහන්ඩ පැන්න කියල.
කොහොම හරි මාර ගුස්පියක් තමයි චින්තක බබා දාගෙන තියෙන්නේ. ප‍්‍රින්සිපල් ගාවටත් ඒ වැඬේ ගිහින් ප‍්‍රින්සිපල් කිව්වලූ තව සුමාන තුනනේ. විභාගෙ පේල් වුණොත් මොන්සිටිසෝරියෙන් චින්තක බබා අයින් කරනව කියල. පාස් වුණොත් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ පංතියකට දානව කියල මැරයින් කොක් කිව්වලූ.

