(නිමල කොඩිතුවක්කු)
රාජපක්ෂ පාලන සමයේදී නිය පොත්තෙන් කඩා දැමීමට තිබූ ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය වත්මන් රජයට පොරවෙන් කපා දැමීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා කොළඹදී පැවැසීය.
ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය ආරකෂා කර පෝෂණය කළ පිරිස් මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ඇගිල්ල දිගු කිරීම පිළිබද කනගාටුවට පත් වන බවත් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී අද(29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේද කීය.
‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් තවම ජනතාව බියෙන් කටයුතු කරන බවට විපක්ෂය නියෝජනය කරන බොහෝ දෙනා සමාජය තුළ කතා පතුරවමින් සිටිනවා. මේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් විදේශීය සංචාරකයන් සහ ආයෝජකයින් අපව හැර ගියා. නමුත් ජර්මනිය, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය වැනි රටවල් මේ වනවිට සංචාරක තහනම් ඉවත් කරගනිමින් අපිත් සමඟ එක්ව කටයුතු කරනවා.
මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාදාමය තුලින් බලය ලබා ගැනීම වෙනුවෙන් පෙනි සිටින අන්තවාදී කන්ඩායම් සහ දේශපාලන කන්ඩායම් මේ රටේ අහිංසක ජනතාව බිය ගන්වමින් විවිධ කි‍්‍රයාකාරකම් වල යෙදිලා ඉන්නවා. අපි දැක්කා පහුගිය දවස්වල පාසැල්වල ගිහින් බෝම්බ තියෙනවා. මේ අය දෙශපාලන අරමුනු වෙනුවෙන් මොන තරම් පහත් වැඩ කරනවද කියලා අද ජනතාවට ඒත්තු ගිහින් තියෙනවා.
අද ලෝකය අපේ රට දිහා නැවතත් ඇස් ඇරලා බලලා තියෙන වෙලාවක අපි රටක් විදියට මේ රටේ සංවර්ධනය දියුනුව සහ රටේ අනාගතය වෙනුවෙන් එකාවන්ව කටයුතු කරන මෙන් මේ කණ්ඩායම් වලින් අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

( ඡායාරූපය ලහිරු හර්ෂණ )

