ළමා අපචාරකරුවන්ට මරණ දඬුවම දීමට හැකි වන පරිදි නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති රංජන් රාමනායක මහතා කියයි.
කොටදෙනියාවේ සේයා දැරියගේ සිද්ධිය මුළු රටටම කළු පැල්ලමක් බවත්, මෙවැනි සිද්ධි යලි නොවීමට වග බලා ගත යුතු බවත් රාමනායක මහතා පවසයි.
මෙවැනි සිද්ධියක දී කලබලකාරී ලෙස හැසිරුනහොත් සාක්කි විනාස විය හැකි බව කියන ඇමැතිවරයා මේ අවස්ථාවේ ඉවසීමෙන් හා සාමකාමීව කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලයි.

