‘ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම අය රනිල් හා ගයන්ත‘


ඉවසීම ගැන ඉ‍ගෙනගන්න ‍හොඳම උදාහරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා ඇල්පිටිය ආනන්ද මැදි මහ විදුහ‍ලේ පැවති ‘නැණ අභිමානී‘ සහතික පත්‍ර හා සම්මාන ප්‍රදාන වැඩ සටහනට එක්වෙමින් කීවේය.

ගයන්ත‍ කරුණාතිලක‍ හා සාගල රත්නායක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම උත්සවය පැවැත්විණි.

‘මම පළාත් සභාවට ගි‍‍යේ 1999. ඒ අවුරුද්‍‍දෙ ම‍ගෙත් එක්ක පළාත් සභාවට ගි‍යේ සාගල රත්නායක ඇමතිතුමා. අපි ‍දෙන්න පළාත් සභාවට ගි‍යෙත් එකට. ඊට පස්‍සෙ අපි ‍දෙන්න 2001 දී පාර්ලි‍මේන්තුවට ගියා. ඒත් එකටමයි. ඊට පස්‍සෙ වත්මන් ආණ්ඩු‍වෙ කැබිනට් ඇමතිධූර ‍දෙකක් අරන් ඇවිත් අද අපි ‍දෙන්න එකකට ‍මේ පළාතට ‍සේවය කරනවා.‘ යැයි ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා උත්සවය සභාව අමතමින් කීවේය.

‍‘මේ ර‍ටේ දරුවන්‍‍ගේ අධ්‍යාපනය ‍වෙනු‍වන් පාසල් වලින් ඉහල කාර්යයක් සිදු‍වෙනවා. නමුත් තියන ප්‍රධානතම ප්‍රශ්නය තමයි පාසල තුළින් ලැ‍බෙන අධ්‍යාපනය මගින් දරුවන්ට හිමිවන ‍පොතප‍තේ දැනුමට අමතරව ප්‍රමාණවත් ප්‍රායෝගික පුහුණුවක් ලැ‍බෙනවද කියන කාරණය.‘ යැයිද සාගල රත්නායක ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

12046992_1020810672837220151027353_850767943090028439_n 12065883_10208106729492381_201510276320206508229978267_n 12109275_10208106730172398_415069316299201510273232734_n-(1) 12109275_10208106730172398_415069316299320151027232734_n 12188998_10208106730052395_29540920151027609841121316_n 12193833_10208106728932367_632015102774112800197262097_n