තමන් කිසි විටක එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩ නොවන බවද තමන් උපන්නේත් මියයන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සෙනසුරාදා කුරුණෑගලදී පුරවැසි බලය සංවිධානය කළ ජනහමුවකට එක්වෙමින් පැවසුවාය.
දේශපාලනයෙන් ඉවත්ව නිහඬව ගෙදරට වී සිටි තමන්ට නැවත මේ ආකාරයට දේශපාලන වේදිකාවට ගොඩවීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දුෂ්ට බලවේගවලින් විනාශයට පත්වෙමින් තිබෙන ශ්‍රීලනිපය බේරාගැනීම සඳහා බවත් කුමාරතුංග මහත්මිය එහිදී කීවාය.

