‘ඉන්ධන සහන කූපන් පතින් ධිවරයින්ට සහනයක් නෑ‘


(ප්‍රසාද් මුතුකුඩ) 

‘ඉන්ධන  ලබා ගැනීමට  රජය ලබාදුන් සහනාධාර කූපන්පත රැගෙන ගියත් එය ප්‍රතික්ෂේප  කර පාර්ලිමේන්තුවෙන්  ඉල්ලා ගන්නා ලෙසට  සමහර ඉන්ධන හිමියන් පවසනවා’   ධීවරයා  මෙම  තත්වයට පත්කිරීම  පිළිබඳව රජය වගකිව යුතු යැයි  සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ  ජාතික සංවිධායක රත්න ගමගේ මහතා (14) මීගමුව පිටිපනදී පැවසීය.

 “ රජය ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව ධීවරයින් හම්බන්තොට දී විරෝධය පළකීරීම රාජ්‍ය ඇමැතිවරයෙක් එය පාහර වැඩක්  හැටියට  පසුගිය දා  දක්වා තිබුණා. අපි අහනවා රජය ඉන්ධන මිල වැඩි කිරීම මොන වැඩක්ද කියලා අද සමස්ත ජනතාව ඇතුළු ධීවරයාටද  මේ පීඩාවට ලක්වෙලා  ධීවරයා  හුළං බොන තත්ත්වයට පත්වෙලා.

සුළු පන්න  බෝට්ටුවකට දිනකට ඉන්ධන  ලීටර් 25 - 30 පමණ  වැය වෙනවා. භූමිතෙල් 130% මිල ඉහළ  ගිහින් මේ අනුව  දිනකට  රුපියල් 1500  පමණ අමතර  පිරිවැයක් දැරීමට ධීවරයාට  අද සිදුවෙලා  ඩිසල් , පෙට්‍රරල්  මිළ ඉහළ ගිහින් මේ රටේ කැබිනට් මණ්ඩලය  වැඩිකරන කොට සූත්‍රය තියෙන්නේ විද්‍යාත්මක තත්වය තියෙන්නේ තෙල් මිල වැඩි කිරීම ද කියා අපි ආණ්ඩුවෙන් අහනවා යැයි රත්න ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.

තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් මීගමුව ලෙල්ලම  ධීවර තොටුපළ තුළ දී කළු කොඩි ඔසවා  අත්සන්  ව්‍යාපාරක් ද පැවැත්විණි.