‘ඉන්ධන මිල වැඩි වුණත් විදුලිබිල වැඩි කරන්නේ නැහැ‘- රංජිත් සියඹලාපිටිය



 (රංජන් කස්තුරි )
 
 ඉන්ධන මිල ඉහළ ගියද  කිසිසේත් විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පැවසීය.


 ලෝක වෙළෙඳපොලෙහි තෙල්මිල උච්චාවචනයන්ට මුහුණ දුන්නද ආණ්ඩුව විදුලි ගාස්තු ඉහළ නොදැමීමට  තීන්දුවක් ගෙන ඇතැයි ද එම නිසා විදුලි පාරිභෝගිකයින් අපහසුතාවට පත් නොවන බවද හෙතෙම පැවසීය.


 ආණ්ඩුව සෑම විටකදීම ජනතාවට හැකි උපරිම සහන ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.