‘ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි‘


(යොහාන් භාසුර)

ඉන්ධන ප්‍රවාහන කරන ටැංකි රථවලට ආරක්‍ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

ඉන්ධන ප්‍රවාහන කිරීමේදී ටැංකි රථ ඇතැම් නගරවලදී අපහසුතාවට පත්වන බවත් ටැංකි රථයකට රාජගිරිය ප්‍රදේශයේදී ඊයේ ජනතාව බාධා කර ඇති බවත් ශාන්ත සිල්වා මහතා කීය.

මෙම තත්වයෙන් ආරක්‍ෂාවීම සඳහා සම්පූර්ණ ආරක්‍ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ද ශාන්ත සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.