ඉන්දීය ආධාර මත සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගල් අඟුරු බලාගාරය වෙනුවට ජපන් ආධාර ඇතිව ගුණාත්මක බවින් යුතු ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට රජය පියවර නොගතහොත් ඉදිරි දශක දෙකේ දී බරපතල විදුලි අර්බුදයකට යාමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ සමාගමකින් මේ බලාගාරය ඉදිවන නමුත් ඒ සඳහා දෙපාර්ශවය එකඟ වී ඇති ගිවිසුම ශ්‍රී ලංකාවට බොහෝ අහිතකර වන බවද විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි.
අවාසි සහගත කොන්දේසි යටතේ ඉන්දීය බලාගාරයක් ඉදිකරනවාට වඩා ජපන් ආධාර යටතේ ගුණාත්මක බවින් යුත් බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන්නැයි තම සංගමය රජයට යෝජනා කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා කියයි.

