‘ඉන්දියා ධීවරයින් ආරක්ෂා කරගන්න‘


ශ්‍රීලංකා නාවික හමුදාවෙන් සිදුවන බව කියන හිරිහැර වලින් ඉන්දියා ධීවරයින්ව ආරක්ෂා කරගන්නා ලෙස ඉන්දියා ජාතික ධීවර එකමුතුව එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියා මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයින් කිහිපදෙනෙකුට ගෙවුනු දින කිහිපයේදී ශ්‍රීලංකා නාවික හමුදාව පහරදී ඇතැයිද,එම පහරදීමෙන් ධීවර යාත්‍රා හා ආම්පන්න වලට හානි සිදුව ඇතැයිද ධීවර එකමුතුවේ සභාපති එම්.ඉලංගෝ කියා ඇත.

ශ්‍රීලංකා නාවික හමුදාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.