එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ ඉදිරි වසර පහේ ජනතාවට සහන ලබා දෙන පංච මහා සර්වර්ධන වැඩසටහන ලබන සතියේ ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද බුලත්සිංහල පැවැති රැලියක දී කීවේය.
රැකියා ලබා දී ආදායම් වැඩි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දූෂණය නැති කිරීම, ජනතාවගේ නිදහස තහවුරු කොට සුදු වෑන් සංස්කෘතිය නැති කිරීම, ජනතා අනාගතය සුරක්ෂිත කිරීම එම කරුණු පහ බව ද අගමැදි පැවසීය.
ඉදිරි වසර පහේ රැකියා දස ලක්ෂයක් බිහි කරීමට සැලසුම් කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.







