(මහේෂ් කිර්තිරත්න)
තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා මාතලේ දී පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “ගම සමග පිළිසදරක්‘ වැඩසටහනේ රත්තොට අලකොලමඩ හා අල්වත්ත ප්‍රදෙශවලදි පැවති ජනහමුවලට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
"හැමදාම මේ රටේ සන්ධාන හදනකොට වෙලා තියෙන්නේ සුළු පක්ෂ ප්‍රධාන පක්ෂවලට එකතුවෙන එකයි. අද විපක්ෂයෙන් ප්‍රධාන බලවේගය අපියි. ඒ නිසා අපි හදන සන්ධානය පොදුජන පෙරමුණ වන අතර ලකුණ පොහොට්ටුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විරසකයක් තිබ්බා. ඒවා දැන් නැහැ.
ඇමතිකම් දාලා අපි එලියට ආවේ ඒ විරසකය නැති කරන්නයි. ආණ්ඩුව නටවන සමහර බටහිර බලවේග අපි එකතුවෙනවට කැමති නැහැ. නමුත් බහුතර ජනතාව අපි එකතුවෙනවාට කැමතියි. අපේ කාලේ 8%ක තිබුණු ආර්ථික වර්ධන වේගය අද 4%ට බැහැලා. එදා වේල හොයන ආණ්ඩුවක් මේ තියෙන්නේ. දවසකට රටේ අවශ්‍යතාවයන්ට රුපියල් බිලියන 07ක් ඕන.
ඒත් දිනක අදායම තියෙන්නේ බිලියන 04යි. එහෙම වුනාම දුවන්නේ කොහොමද? අද ජනතාව ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. කලින් ඉන්ධන වලට විතරක් තිබුණු මිල සූත්‍රය අද හැම භාණ්ඩයකට යොදන්න සැලසුම් කරලා. අද මානව හිමිකම් ගැන කතා කරනවා. ඒවා හොයන්න අලුතින් උසාවි හදනවා. එදා එල්ටිටිඊ සංවිධානය සිදු කළ ඝාතනයන් ගැන කතා කරන්නේ නැහැ. අද ජත්‍යන්තර මට්ටටේ කුඩු මුදලාලිලා රටට එන්න හදලා තියෙන්නේ. අද ගම්මිරිස්වලට මිලක් නැහැ. තේ, කුරුදුවලටත් එහෙමමයි. ජනාතව ගැන නොහිතන ආණ්ඩු ආවාම එහෙම වෙනවා. ආණ්ඩුව ඇවිත් වසර හතරතුක් ගියා. මහනුවර අධිවේගි මාර්ගයේ කොටසක් බැරි වුණා.
දැන් රත්නපුරේ අධිවේගී මාර්ග හදන්න යනවා. මේවා නිකං සිහින විතරයි. මහින්ද රාජපක්ෂ රජයෙන් පස්සේ කිසිම අයෝජකයෙක් ආවේ නැහැ මේ රටට. අලුතින් ආයෝජකයින් ගෙන්න බැරිවුණා. 2015න් පස්සේ උපාධිධාරීන්ට රැකියා දුන්නේ නැහැ. ටික දෙනෙකුට දුන්නා. ඒ යුඇන්පි අයටයි දුන්නේ. අපි වසර 30ක යුද්ධය දිනුවේ කෙලින් තීන්දු ගත්ත නිසා. එහෙම තීන්දු ගන්න පුළුවන් නායකයෙන් මේ රට පාලනය කළා. අපි ඉදිරියට තියන ඕනෑම මැතිවරණයක් ඉහළින් දිනනවා.
මේ ආණ්ඩුව ඡන්දවලට බයයි. අපි ජනාධිපතිවරණය දිනපු ගමන් මහ මැතිවරණයක් දිනනවා. පළාත් සභා මැතිවරණය තියලා ඒකත් අපි දිනනවා. දිනුවට පස්සේ අපි වැඩ කරනවා" යැයිද ඒ මහතා පැවසීය.
මෙම ජනහමු සදහා හිටපු පළාත් සභා මන්ත්‍රිනි කේශලා ජයවර්ධන, හිටපු අමාත්‍ය බන්දුල යාලේගම, ගුණතිලක රාජපක්ෂ, ප්‍රාදේශීය සභාපති කුමාරසේන තෙන්නකොන්, උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන, මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්වි සිටියහ.

