‘ඇහැළේපොළ වලව්ව අගමැතිට පෙනේවා‘


ඉපැරණි මහනුවර යුගයට අයත් ඇහැලේපොළ වලව්ව දශක ගණනාවක් ගරා වැටෙමින් පවතී. කෑගල්ල රෝයල් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක වන මහේෂිකා  කන්දෙගෙදර මහත්මිය ඒ බව සනාථ කරන ඡයාරූප කිහිපයක් අපට එවා තිබේ.

තම මවට අයත් නර්තන ආයතනයේ දරු දැරියන් පිරිසක් මෙවර අසල පෙරහැරේ නර්තනයට සහභාගී කරවීමට ගිය විට ඔවුන්ගේ ගිමන්හල වශයෙන් වෙන්කොට ඇත්තේ මෙම පෞරාණික වලව්ව බව ඇය කියන්නීය.

‘ඇත්තෙන්ම දුකයි මේ වගේ දේවල් විනාශ වෙලා යන එක ගැන. අපේ දරු දැරියන්ට ඉතිහාසය පෙන්වන්න නම් මේ වගේ වටිනා දේවල් අපි රැක ගන්න ඕනෑ. අග්‍රාමාත්‍ය වරයා ඊයේ කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි බලන්න ගියා කියලා මම මාධ්‍යයෙන් දැක්කා. මේ වගේ වටිනා දේවල් ගැනත් එතුමාගේ ඇස ගැටෙයි කියලා මම හිතනවා.‘

image-9068dbce5df86f6991c1b6c06e4ce90b1ae9f87586fc806b7550555b4198a575-V image-92457673f5eac655c66a86ce04b645fbf18d3498f6a01b2ddd0d9a4f1afc8ac5-V image-e30f63a0011e7cb1551205e8ebb778450142de88de271e4af9074ec75b428759-V