
(සුජිත් හේවාජුලිගේ )
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7)සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ෆයිසර් එන්නත් මාත්‍රා හැට හය දහසක තොගයක් දිවයිනට ඊයේ (06) රැගෙන එනු ලැබීය.
මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 ක් අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය.

