‘ඇලෝසියස් හිරේදී ඇමැතුම් ලබා දුන්නේ කාටදැයි හෙළි කරන්න‘


 ( නාලක සංජීව දහනායක)

 
බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබියදී සොයාගත් ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාදුන් අය පිළිබඳව  සහ ඔහුට ජංගම දුරකථන තුනක් හා සිම්කාඩ්පත් පහක් ලැබුණු ආකාරය පිළිබඳව වහාම හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (06) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ මහතා මෙම ඉල්ලීම කළේය.


       මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය


බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබිලා සිම්කාඩ් පහක් හා දුරකථන තුනක් හමුවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සත්‍ය තත්ත්වය අධිකරණයට වාර්තා කිරීම සම්බ්නධයෙන් අපි නීතිපති දෙපාර්තමේන්තුවට ස්තූතිය පළ කරනවා. 
 
බන්ධනාගාර ගතව සිටින අයට සිම්කාඩ් සහ දුරකථන ලැබුණේ කොහොමද කියලා රජය ඉතාම ඉක්මනින් හෙළි කළ යුතුයි.
 එමෙන්ම ඒ දුරකථනවලින් ඇමතුම් ගත්තේ කාටද කියන එකත් හෙළි කළ යුතුයි. බන්ධනාගාර ගතවන පුද්ගලයන්ට දුරකථන පහසුකම්,  නිදාගන්න මෙට්ට ආදි පහසුකම් ලැබෙන්නේ නැහැ. දේශපාලන පළිගැනීම් මත මමත් සිරගතව සිටියා. අර්ජුන් ඇලෝසියස්ට ලැබෙන පහසුකම් නොලැබුණ බවද කීය.

අල්ලස්  හෝ දුෂණ කොමිෂන් සභාවට  ඉදිරිපක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා  අද (06) එහි පැමිණියේය.

පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස්  සහ  මන්ත්‍රී සුජීව සේනසිංහ මහත්වරුන්  අතර  පැවැති දුරකතන සංවාදයක් පිළිබඳව සහ   සුජිව සේනසිංහ මහතාගේ හා ඔහුගේ ඥාතීන්ගේ වත්කම්  සම්බන්ධයෙන්  මීට පෙර අවස්ථාවකදී  අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ෂෙහාන් සේමසිංහ මහතා කළ පැමිණිල්ලකට අදාලව මෙම ප්‍රකාශය ලබා දීමට නියමිතව තිබිණි.

(ඡායාරූපය - ඉෂාන් සංජීව)