( නාලක සංජීව දහනායක)
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ තේරීම්භාර නිළධාරිවරයා වශයෙන් කටයුතු කරන ගාල්ල දිසාපතිවරයාට ස්ථානමාරුවක් ලබාදීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවට තොරතුරු වාර්තාවී ඇතැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද (18) පැවැසීය.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙනුත් ඒ සදහා අවසරය ඉල්ලා තිබෙන බවද ඔහු කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ක‍්‍රියාවට කිසිදු අනුමැතියක් නොදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කී මන්ත‍්‍රීවරයා මෙවැනි ක‍්‍රියා සිදුකිරීමෙන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ ගන්නා බවද ඔහු සදහන් කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂාකරන බවට පොරොන්දුවී බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ කල්දමමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවල නිරතවන බවද මන්ත‍්‍රීවරය කීය
කොළඹ-07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.

