(රංජන් කස්තුරි)
ඒ.එස්.පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ලබා නොගත හොත් දිවයිනේ දකුණු පළාතට විදුලිය අඛණ්ඩව සැපයිමේ ගැටළු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.වී. ගනේගල මහතා පැවසීය.
ඒ.එස්.පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අනුව ඉදිරි වසර තුනක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ඒ.එස්.පවර් ආයතනය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබෙන බවද සභාපතිවරයා කීය.
කෙසේ වෙතත් දකුණු පළාත තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය හැමවිටම උත්සාහ ගන්නා අතර ඒ.එස්.පවර් බලාගාරයෙන් ජනනය කරන මෙගාවොට් 100 විදුලි ධාරිතාවය ඊට පිටුවහලක් බවද ගනේගල මහතා පැවසීය.