‘25 ට වඩා අමාත්‍යධූර වැඩි කිරීමේ කිසිදු නෛතික අයිතියක් රජයට නැහැ. මේ අය පරාද වෙලත් විශාල ඇමැතිවරු සංඛ්‍යාවකට කේවල් කරනවා. එහෙම ආවම මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙනවද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.‘ යැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (26) කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘19 වැනි සංශෝධනයේ ඉතා පැහැදිලිව තියෙනවා එක පක්ෂයක් හදන ආණ්ඩුවකට කැබිනට් අමාත්‍යධූර 30ට වඩා වැඩිකරන්න බැරි බව. හැබැයි ඊළඟ පිටුවේ තියෙනවා ජාතික ආණ්ඩුවක්නම් පාර්ලිමේන්තුව රැස්වෙලා සති 2ක් ඇතුළත් යෝජනාවක් සම්මත කරලා මේක වැඩිකරන්න පුළුවන් කියලා. අපි ඉල්ලා සිටිනවා බහුතර බලය ගන්න පක්ෂයට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න කියලා. එතකොටයි රටකට ඉස්සරහට යන්න පුළුවන්‘ යැයි රත්නප්‍රිය මහතා එහිදී කීවේය.
වීඩියෝ හා ඡායාරූප - ගයාන් අමරසේකර


