සන්ධානයේ හිටපු අමාත්‍ය එස්.බී. රත්නායක මහතාගේ මාදිවෙල තෙමහල් නිවසේ තට්ටු දෙකක් ගිනි ගැනීමෙන් රන් බඩු ද පෞද්ගලික ලියවිලිද නිදන කාමරය ද විනාශ වී ඇති බව අමාත්‍යවරයා පවසයි. දැනට 10 දෙනකුගෙන් පමණ කටඋත්තර ලියාගෙන ඇත. නිවසේ විදුලි මීටරයට කිසිදු හානියක් සිදුව නැත. පහත මාලයද ගින්නෙන් බේරි ඇත. රජයේ රස පරීක්ෂක ඇතුළු නිලධාරීහු එහි පැමිණ පරීක්ෂණ ඇරැඹූහ. ඔහු මෙවර මහ මැතිවරණයට තරග කරයි.

