‘ඇමැතිකම් ගන්නේ නැහැ දින 100 දෙස බලා ඉන්නවා‘


මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ වත්මන් ආණ්ඩුවෙන් කිසිදු ඇමැති ධූරයක් ලබා නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකකලනාදන් වව්නියාව ප්ලොට් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

දින 100 වැඩපිළිවෙළ දෙස උනන්දුවෙන් බලා සිටින බවද කී ඔහු යුද්ධය හේතුවෙන් විපතටපත් වැසියන්ට ලැබිය යුතු පහසුකම් හා යුද්ධයෙන් පසුව නැවත පදිංචි වැසියන්ට නොලැබුණු ඉඩම් යළි ලබාදීම මෙන්ම ස්ථිර නිවාස ලබාදීම ගැනද ජනපති හා සාකච්ඡා කළ බවද කීවේය.