ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි ඇමරිකාවේ ඕනෑකමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් වාර්තාවක් හැදීමට එකඟවී ඇතැයි ද එය ඉතාමත් භයානක තත්ත්වයක් බවද දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ දොස්තර ගුණදාස අමරසේකර මහතා කීවේය.
‘අපට ප්‍රශ්නයක් තියෙනවා මේ ජාතික ආණ්ඩුව මොනතරම් වලංගුද කියලා. මේ ජාතික ආණ්ඩුව හදලා තියෙන්නේ එජාපයත් ශ්‍රීලනිපයත් එකතුවී ගිවිසුමක් අත්සන් කරලා. ඒත් මිනිස්සු ඡන්දය දුන්නේ ශ්‍රීලනිපයටවත් එජාපයටවත් නෙමෙයි. ඔවුන් ඡන්දය දුන්නේ සන්ධානයට හා එක්සත් ජාතික පෙරමුණට. ඒ නිසා ගිවිසුම අත්සන් කළ යුත්තේ ඒ දෙගොල්ලෝ එකතු වෙලා‘ යැයිද ඒ මහතා පැවසීය.
සුද්දන්ට තොරතුරුදී ඉතිහාසයේ ලොකුම පාවාදීම කිරීමට අපේ නායකයන් සූදානම් වන බව පැවසූ අමරසේකර මහතා ඇමරිකාවේ වුවමනාව අනුව කෙරෙන දේශීය යාන්ත්‍රණය ‘හයිබ්‍රිඩ්‘ වර්ගයේ කුමන්ත්‍රණයකැයිද ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර



