‘ඇමරිකාව, ලංකාව බිල්ලට ගන්න හදනවා’


උදලාගම වාර්තාව ඇතුළු යුද අපරාධ චෝදනා පිළීබඳව මෙතෙක් ඉදිරිපත් වු වාර්තා දේශපාලන උවමනාවන් මත පමණක් ඉදිරිපත් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල  සභික දුමින්ද නාගමුව මහතා කොළඹ දී අද (21) ප්‍රකාශ කළේය.

යුද අපරාධ චෝදනා පිළීබඳ වාර්තා වලින් යුද අපරාධ වලට  සැබෑ චුදිතයා විය යුත්තේ කවුදැයි සාකච්ජා නොකර  රජය වෙනුවෙන් සේවය කළ වෙනත් පුද්ගලයන් පාවා දෙන බව ද ඔහු කීවේය.

යුද අපරාධ වලට  ශ්‍රි ලංකා  රජයේ හමුදාව සම්බන්ධ නොමැති යැයි විවිධ පාර්ශව සඳහන් කළද රජයේ හමුදා වැලිවේරියේදී හා කටුනායක දී කළ කටයුතු වලින් හමුදාවේ ක්‍රියාව පැහැදිලි කරගත හැකි බව ඔහු පැවසූවේය.

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයට  ඇමරිකාව මැදිහත් වන්නේ මෙරට  මානව හිමිකම් රැකිමට හෝ දෙමළ ජනතාවගේ අයිතිය රැකීමට නොව ආණ්ඩු මාරුවෙන් පසු ඔවුන්ගේ බලය තහවුරු කර  ගැනීමට  යැයි  ද නාගමුව මහතා  පැවසීය.