‘ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ‘


ජිනීවා සමුළුව හරහා අධිරාජ්‍යවාදීන් දැන් ලංකාවට දේශීය ලේබලය අලවා ‘දහතුන නැතිව දහතුන එක්ක‘ වගේ දෙයක් සිදුකිරීමට උත්සාහ කරන බව ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බෙංගමුවේ නාලක හිමියෝ කීහ.

‘මේ දිනවල තිරගත වෙනවා ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය. අන්න ඒ වගේ තමයි මේ හයිබ්‍රිඩ් අධිකරණ සෙල්ලමත්. ඇමරිකන්කාරයෝ කරපු කපටි උගුලක්. ඒක අපේ නායකයින්ට තේරෙන්නේ නැති එකයි මෙතන ප්‍රශ්නේ‘ යැයි නාලක හිමියෝ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති එම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

guneabayarama_2015106