(පාලිත ආරියවංශ)
ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බැවින් ඇතැමුන්ට සජිත් භීතිකාව සෑදී ඇතැයි විදේශ රැකියා, විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී අද (28) පැවසීය.
රන්මාවත් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළ සිට බදුල්ල වැල්බෝධිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යපෘතිය ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීවේය.
“එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මේ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයා වියයුත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. දැන් එතුමාගේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති නිසා සමහරුන්ට සජිත් භීතිකාවක් ඇතිවෙලා.
අපි නම් බය ගෝඨාභයටයි. ඒ බය තියෙන්නේ වෙන දෙයක් නිසා නොවෙයි, සුදු වෑන් සංස්කෘතිය මෙන්ම ජාතිවාදී නරුම ප්‍රතිපත්තියක් ඔහු ළඟ තිබෙන නිසයි” යැයිද ඒ මහතා පැවසීය.

