‘ඇතැම් වනජීවි නිලධාරීන් වනජීවිය විනාශ කරනවා‘


වනජීවී දෙපාර්තුමේන්තුවේ සමහර නිලධාරින්ගේ අක්‍රමිකතාවයන් පිළිබඳ යම් කරුණක් සනාථ වුවහොත් තරාතිරම නොබලා නිසි ක්‍රියා මාර්ග ගන්නා බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ලංකාදීපයට පැවැසිය.

පසුගිය දා වනජීවී දෙපාර්තුමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක් තමා හමුවේ පැවසුයේ වනජීවී දෙපාර්තුමේන්තුවේ සමහර නිලධාරීන් වනජීවිය සුරක්ෂිතකිරීම වෙනුවට යම් යම් අක්‍රමිකතාවයන් කර ඇති බවත් තවමත් ඔවුන් එම නිලයන් වල කටයුතු කිරිම හා ඉහළ නිලධාරින් වනජීවි සම්පත් ආරක්ෂා කරනවා වෙනුවටඇතැම් දූෂණ වංචාවන්ට සහයෝගය දී ඇති බවත්ය.

අමාත්‍ය වරයා පැවැසුයේ එසේ යම් අකටයුත්තක් කිසි නිලධාරියෙකු කල ඇත්නම තරතිරම නොබලා කටයුතු කරන බවත් ඒ සම්බන්ධව සියලු තොරතුරු අමාත්‍ය වරයාට ලබා දෙන ලෙසත්ය.මේ සම්බන්ධව පරික්ෂණ කටයුතු කිරිමට කමිටුවක් පත් කරන බවත් අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවැසීය.