‘ඇඟිල්ල ඇල්ලුවාම මට ඉන්න බැරිවුණා‘


අඟහරුවාදා මාතර අකුරැස්සේ පැරණි බස් නැවතුම්පොළ අසල පැවැති සන්ධාන ප්‍රචාරක රැලියට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමට උත්සාහ කළ පාක්ෂිකයකු තල්ලු කිරීමට රාජපක්ෂ මහතා උත්සාහ කිරීම කථා බහට ලක්වූ සිදුවීමක් විය.

ඒ සම්බන්ධයෙන් සන්ධාන රැලියකදී මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ‘ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තවටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව එකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද‘ යනුවෙනි.

(වීඩියෝ අනුග්‍රහය - බීබීසී)