විදේශයේ ජන්ම ලාභය ලබා විදේශ උසස් අධ්‍යාපනය ලබා ලෝක භාෂාවන්හී නිපුණ ශ්‍රී ලාංකික දරුවන්ගේ ශිල්ප ඥානය නොදැනුවත්ම මව් රටට නොලැබීම, ඔවුන් රටට අහිමිවීම, රට සල්ලි ගලා ඒම පහළ බැසීම, වාණිජ ප‍්‍රතිලාභ මන්දගාමිවීම ආදි කරුණු දියුණුවට පය තබන දියුණුවේ ආශ්චර්යක් බලාපොරොත්තු වන රටකට එතරම් සුදුසු නොවෙතියි ද, ද්විත්ව පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය එවැනි ගැටලු මතු කරයි.
ඉතාලියේ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහාභාගි වෙමින් සියරට බලා යන අතරතුර ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තීය සමිති සභාපති ප‍්‍රධාන ආගමන හා විගමන නිලධාරි ජයන්ත රත්නායක මහතා සමග ඉහත සදහන් ව්‍යාකූල ද්විත්ව පුරවැසි භාවය ගැන පැරීසියේදි එසැණ සාකච්ඡාවක් පැවැත්විය.
ප‍්‍රශ්නය - ඉතාලියේ පැවැත්වූ ආගමන හා විගමන ක්‍ෂේත‍්‍රයට අනුබද්ධ විදේශ සරනාගතයන් සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවකට ඔබ සහභාගි වුණා නේද? ඒ ගැන විස්තර කළ හැකිද?
පිළිතුර - සරණාගතයන්ගේ ජාත්‍යන්තර නීතිය හා ඔවුන්ගේ මානව අයිතිය පිළිබඳවයි එම සමුළුව පැවැත්වුයේ. ප‍්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව, අප‍්‍රිකා රටවල් සමග රටවල් 52ක් එම සමුළුව නියෝජනය කළා. රටවලට ඇතුළු වන අනාථයන් හා සිවිල් යුද්ධ හා පාරිසරික විනාශයන්ගෙන් අවතැන්වූවන් පිළිබඳව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රධාන තැනක් ගත්තා.
ඒ අතරට ජාත්‍යන්තර මානව නීතිය, මානව අයිතිවාසිකම් නීතිය, හා අනාථයන් පිළිබඳ නීතිය යන කරුණු තුන යටතේ ඔවුන්ගේ අභිමානය රැකෙන ලෙස ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න එහිදී සාකච්ඡා වු විශේෂ මාර්තෘකාවක්. රටක ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්නේ කෙසේද යන්නත් ඒ අතරම කතා කළා.
රටකට ඇතුළු වන සරණාගතයන්ගෙන් එම රටේ ජාතික ආරක්ෂාව රැක ගතයුතු ක‍්‍රමවේදය ගැනත් සරණාගතයන් වෙන් නොකර ඔවුන්ගේ මානව අයිතිය රැකෙන ලෙස සාමාන්‍ය ජනතාව ලෙසම ඔවුන් පිළිගත යුත්තේ කෙසේද යන්නත් එම සමුළුවේදී ප‍්‍රධාන මාතෘකාවක් වුණා.
සමුළුවේ දේශන සදහා පැමිණි විද්වතුන් අතර හේග් නුවර ලෝක ජාත්‍යන්තර අධිකරණයේ හිටපු විනිසුරු ඉතාලියේ මිලාන් සරසවියේ මහචාර්ය ෆෝකා, ස්විට්ස්ර්ලන්තයේ එක් කැන්ටෙනාවක අගමැති ද පැහැදිලි කළේ සරණාගතයන් රටකට ඇතුළු වීම වැළක්වීම නොවේ. සරණාගතයන්ට හැකි තරම් උදව් උපකාර කිරීමය. ඔවුන් හැම විටකම සදහන් කළේ සරණාගතයන්ට සැලකීමයි. එය එම සමුළුවේදි මා දුටු විශේෂ ලක්ෂණය එයයි.
ප‍්‍රශ්නය - යුරෝපයට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඇතුළු වන සරණාගත සංක‍්‍රමණයක් නොමැති තරම් පහළ මමට්ටමකයි පවතින්නේ. එවැනි පරිසරයක ඉහත සමුළුවේ තීන්දු තීරණ ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන්නේ කෙසේද?
පිළිතුර - සරණාගතයන් ලෙස රටින් බැහැරවන පිරිස් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත්. එනමුදු අනාථයන් සම්බන්ධව විශේෂ සම්මත ක‍්‍රම තුනක් යටතේ ඔවුන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.
ඒ අනුව ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔහුගේ හෝ ඇයගේ මව් රටට පිටත් කර යැවීම, මව් රටේ හෝ දැනට ඉන්න රටේ ජීවත් වීමට අකමැති නමුත් පවුල් සහජීවනය ප‍්‍රධාන කොට තමන්ගේ දරුවන් හෝ පවුලේ ලේ ඥාතීන් වෙනත් රටක සිටී නම් හා එහි යෑමට කැමැති නම් ඔවුන් සිය පවුලට ලබාදීම හා ඉහත සදහන් ක‍්‍රම දෙකට අයත් නොවන්නන් දේශීය සමාජයට බද්ධ කිරීම ශ්‍රී ලංකාව විසින් සිදු කරනවා.
පකිස්තානයේ අහාමදී යනුවෙන් හැදින්වෙන කතෝලික ජන කොට්ඨාසය මුහුණදී ඇති ප‍්‍රශ්න හමුවේ ඔවුන් සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිනෙනවා. එසේ එම ජනතාවට ඉහත සඳහන් ක‍්‍රම අනුගමනය කරමින් නැවත ඔවුන් පවුල් වටා ඒක රාශි කිරීමට අපේ රට කටයුතු කරනවා. ඉහත දැක්වූ කරුණු අනුව 1951 ජාත්‍යන්තර මානව සරණාගත නීති ප‍්‍රකාරව ශ්‍රී ලංකාව කටයුතු කරනවා.
ප‍්‍රශ්නය - විදේශ ගත ශ්‍රී ලාංකිකයන් යනු රටට සල්ලි උපයා දෙමින් ජාතික ආදායම පෝෂණය කිරීමට දායක වන විශේෂ ජනතාවකි. ඔවුන්ගෙන් සමහර දෙනා විවිධ පහසුකම් සදහා එම රටවල පුරවැසිකම ලබා ගන්නවා. එසේවූ විට ඔවුන්ගේ මව් පුරවැසිකම ස්වයංක‍්‍රීයව අහිමි වෙනවා. එසේ සිදුවන රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත්. එනමුදු අහෝසිවූ මව් පුරවැසිකම ලබා ගැනීම හෙවත් ද්විත්ව පුරවැසිකම ලබා ගැනිමේ ව්‍යවස්ථානුකූල ක‍්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ ඇතත් අද වන විට එය අකර්මණ්‍ය තත්වයට පත්වී ඉබ්බාගෙන් පිහාටු ගන්නා තත්වයට පත්වී තිබෙනවා.ජාතික සම්පතක් නොලැබී යාම රටකට එතරම් සුදුසු නොවේ. ඔබේ ආයතනය මෙම විෂයේ මූලික බලයලත් ආයතනයයි.
පිළිතුර - වාණිජ ප‍්‍රතිලාභ කෙසේ වෙතත් බුද්ධිමය ප‍්‍රතිලාභ හා හොඳ පුරවැසියන් රටක දියුණුවට ඉතාමත්ම අවශ්‍යයයි. එවැනි ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් විදේශවල ජීවත් වෙනවා. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මොන ක‍්‍රමයකින්වත් නවත්වා නැති බව පළමුවෙන් කිවයුතුය.
එක් එක් කාලයන්හිසමාජයේ ඇතිවන වෙනස් වීම් හා ඊට අනුගතවීම, සුපරික්ෂාව, ජාතික ආරක්ෂාව ආදි විෂයන් හේතුවෙන් යම් මන්දගාමි බවක් ඇතිවිය හැකියි.
එම ක‍්‍රමය මීටත් වඩා පලදායී හා සුදුසු ක‍්‍රමයකට ගෙන ඒමට අවශ්‍ය පරිසරය ගැන වර්තමානයේ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව ආයතන කිහිපයක් සමග කටයුතු කිරීමට සිදුවී තිබෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක, නීතිපති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව, ඇමැති මණ්ඩලය, ආගමන හා විගමන දේපාර්තමේන්තුව ආදි ලෙස ආයතන ගණනාවක් සමග කටයුතු කිරීම සංකීර්ණ ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. එම නිසා මෙය යථාවත් කිරීමට සුදුසු ක‍්‍රමවේදය තමයි, සාකච්ඡාවේ පවතින්නේ. එය ඉතා ඉක්මනින් අවසානයකට ඒවි යැයි මම සිතනවා.
ප‍්‍රශ්නය - මොකක්ද ඔය කියන සංකීර්ණත්ත්වය?
පිළිතුර - ආයතන කිහිපයක් සමග මේ සම්බන්ධව කටයුතු කිරීම, ඊට අදාල විශේෂ අණ පනත් සංශෝධනය ආදි කටයුතු ඉහත සංකීර්ණත්වයට හේතු පාදකවේ. ඒ අතරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් සමහර දෙනා රටට විරුද්ධව හා ජාතික ආරක්ෂාවට හානි වෙන අයුරින් කටයුතු කර ඇති බව සොයා ගෙන තිබෙනවා.
එබැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට සිදුවී තිබෙනවා. එම නිසා එවැනි වැරදි කරන අයට අනවශ්‍යය ලෙස රිංගා යෑමට නොහැකි ලෙසත්, ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් රටේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් සුදුසු සරල ක‍්‍රමවේදයක් සැකසීමට අවශ්‍යය නිසා මෙම මන්දගාමි බවක් තිබෙනවා.
කෙසේ නමුදු මෙම සියලූ කරුණු හේතු කොට යම් සංකීර්ණත්වයක් නිර්මාණය වුවද සුදුස්සාට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට අසාධාරණයක් නොවෙන ලෙස කටයුතු සිදුවෙනවා.
ප‍්‍රශ්නය - ඒ සදහා තව කොපමණ කලක් ගතවේ යැයි ඔබ සිතන්නේද?
පිළිතුර - ඒ ගැන මට හරියටම කීමට නොහැකි වුවත් මගේ පෞද්ගලික මතය නම් තව මාස දෙක තුනකින් අදාල කටයුතු ආරම්භ කරාවි.
ප‍්‍රශ්නය - ඔබ ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තිය සමිතියේ සභාපති හා වෘත්තීය සමිති නායකයෙක්. ඔවුන්ගේ සේවා අයිතීය දිනා ගැනීම සදහා මේ දක්වා ඔබට ධූර කාලය තුල හැකිවී තිබේද? එසේ නොවේ නම් ඒ මන්ද?
පිළිතුර - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බිහිවුණේ 1949දි. 1954 දි මෙම වෘත්තීය සමිතිය ඇතිවුණා. 2013 දි මම සභාපති ලෙස පත්වුණා. මෙම ආයතනයේ සේවකයෙකු මෙම තනතුරට පත්වු ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඉන් පෙර විවිධ ඇමතිවරුන් හා ජාතික තලයේ පිළිගත් වෘත්තීය සමිති නායකයන් මෙම තනතුරට පත්වී තිබෙනවා.
මේ දක්වා වසර හැටක දී ඇමතිවරුන්ට හා ජාතික වෘත්තීය නායකයන්ට කිරීමට නොහැකිවූ දේ එක රැයකින් විසඳීමට මට හැකි යැයි කෙනෙක් සිතනවා නම්, එය විහිළුවක්
එනමුදු ඔවුන්ට ප‍්‍රශ්න නැතුවාද නොවේ.
අපේ ආයතනයේ ආගමන හා විගමන නිලධාරීන් බොහෝමයක් සිටිනවා. මෙම වෘත්තීය සමිතිය ඔවුන්ගේ එකතුවක්.
උපාධිය සමත් වීම,පරිගණක දැනීම, විදේශ භාෂා දැනුම හා හොඳ ශරීර සෞඛ්‍ය ආදි දේ හොඳින් සම්පූර්ණ කළ සුදුස්සන් මෙම තනතුරට තෝරා ගන්නවා.
ඊට අදාල වැටුප් විෂමතා ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන ජනාධිපති ලේකම් දක්වා අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. නමුත් එම වැටුප් ප‍්‍රශ්නය වෙනත් ආයතන සමග ගැටෙන බැවින් විශේෂ වැටුප් කොමිසමකට අනුයුක්ත කොට වෘත්තීය සමිති යෝජනා භාර දීමට දිනයක් නියම කර එම යෝජනා ඉහත කොමිසමට බාරදී විමර්ශනයකට භාජනය කොට එහි ප‍්‍රථිපල බලාපොරොත්තුවෙන් සිටිනවා.
ප‍්‍රශ්නය - දිනකට විශාල මුදලක් එක් රැස්වෙන විදේශිකයන්ගේ වීසා බලපත් දීර්ඝ කිරීමේ කාර්යාලයේ අපිරිසිදු කමත්, ඉහත ක‍්‍රියාව සිදු කිරීමට ගත කරන අනවශ්‍යය කාලයත් එම පිරිස් රස්තියාදු වීමට බෙහෙවින් බලපා ඇතැයි බොහෝ විදේශිකයන් කියනවා.
පිළිතුර - ඔහොම කියනවා ඇත්තේ සෑහෙන කලක් විදේශයේ ජීවත්වන අය වෙන්න ඇති. ප්‍රංශය දියුණු රටක්. ප්‍රංශය හා සාපේක්‍ෂකව බලන විට අපේ රටේ මෙම ආයතනයේ අපිරිසිදුකමක් හෝ ප‍්‍රමාදයක්. විශේෂ ලෙස දැකීමට ප්‍රංශය හුරු පුරුදු අයට පේනවා ඇති.
නමුත් මගේ දැනීමේ හැටියට අපේ ආගමන හා විගමන ආයතනය මනා පිරිසිදු කමකින් පාලනය වන අතරම එහි සේවා පතන අයට අවශ්‍ය සියලූම පහසුකම් සපයා තිබෙනවා. 2015 වන විට අපේ ආයතනය විශාල ඉඩකඩ ඇති වෙනත් ස්ථානයකට ගෙන යෑමට සැලසුම් කර තිබෙනවා. එවිට මෙම තදබදය හා ඔබ සිතන ඩුපාඩු මග හරවා වැඩක් කාර්යක්ෂම සේවයක් ලබා දීමට හැකිවේ යැයි මම සිතනවා.

