මූල්‍ය අර්බුදයකින්ද, මෑතක සිට කළමනාකාරීත්වය සහ ගුවන් නියමුවන්ගේ ගැටුම් වලින්ද පීඩාවට පත්ව සිටින ජාතික ගුවන් සේවයට නැවත ජීවන හුස්ම පිඹීමට රජය කටයුතු කර ඇත.
ඒ මීට මසකට පමණ පෙර යම් මුදලක් රජය මැදිහත්ව ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය වෙත ලබාදී තිබීම හමුවේය. මෙසේ ලබාදී තිබෙන මුදලේ වටිනාකම මේ දක්වාම අනාවරණයව නොමැති අතර එසේ මුදල් ලබාදී තිබෙන්නේ ජාතික ගුවන් සේවය වෙත භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීම මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට අත්හිටුවිය යුතුයැයි රජයම තීරණය කර තිබියදීය.
‘‘ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තෙක් සමාගමේ අලාභයේ කොටසක් දැරීමට ඇති හැකියාව ගැන රජය සොයා බලනු ඇත‘‘ යන පදනමේ සිට ශී‍්‍ර ලන්කන් වෙත මුදල් නිකුත් කිරීමට රජය මෙවර කටයුතු කර ඇත.ගුවන් සේවය නගා සිටුවීම සදහා මුදල් අමාත්‍යංශය තවදුරටත් මැදිහත් විය යුතුයැයි කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.මෙම තීරණය මිහින් ලංකා ගුවන් සේවය මතද බලපැවැත්වෙන්නකි.කැබිනට් මණ්ඩලය මෙම තීරණය වලට එළඹ ඇත්තේ ශී‍්‍ර ලන්කන් හා මිහින් ලංකා සමාගම් අයත් වන රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුවය.
එම අමාත්‍යංශය ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවක මෙලෙස සඳහන්ය.
‘‘ 2015 වසරේ සකස් කළ ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්ම දැන් වෙනස්ව ඇත.රජය දැන් කටයුතු කරමින් සිටින්නේ සමාගම අරබයා පෞද්ගලික - රාජ්‍ය සබඳතාවයක් ප‍්‍රවර්ධනය කිරීමේ හා පවත්වාගැනීමේ කටයුතු වලය.මෙවන් සම්බන්ධතාවයක් සමාගමේ පැවැත්මට ඉතාම වැදගත් වනු ඇත.මෙවන් සබදතාවයක් ඇති වන තෙක් ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය එහි මෙහෙයුම් දැනට කි‍්‍රයාත්මක වන පරිදි ඉදිරියටත් පවත්වාගත යුතුව ඇතැයි අමාත්‍යංශයේ අදහසයි.සාර්ථක පෞද්ගලික - රාජ්‍ය සබඳතාවක් ඇති කරගැනීමට නම් ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය එහි පැවැත්ම තහවුරු කරගැනීමට ඇපකැපවී කටයුතු කරන බව පෙන්වීම අත්‍යාවශ්‍යම කරුණකි.‘‘
නමුත් මුදල් අමාත්‍යංශයට අනුව භාණ්ඩාගාරය දැනටමත් ශී‍්‍ර ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවා දෙකටම ඉහළ වටිනාකම් වලින් යුත් ආයෝජනයන් සහ විශාල ප‍්‍රමාණ වලින් මුදල් සැපයීම් සිදුකර ඇත.මේ කිසිවක් නැවත අයකරගැනීමේ අරමුණක් නොමැති හෙයින් දැන් ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය කළ යුත්තේ නැවත නැවතත් භාණ්ඩාගාරයේ සහය බලාපොරොත්තු වීම නොව 2016 ඔක්තෝබර් මාසයට පෙර පෞද්ගලික - රාජ්‍ය සබඳතාවය ඇති කරගැනීමට කටයුතු කිරීම බව එම අමාත්‍යංශය පවසයි.
ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය පාර්ශවයෙන් බලන විට මෙම මුදල් සහනය සමාගම වෙත ලැබී ඇත්තේ අත්‍යාවශ්‍යම අවස්ථාවකදීය.පසුගිය මාර්තු 31 වැනිදා නිමාව දුටු මූල්‍ය වර්ෂයේ වාර්තා මේ වන විට නිකුත්ව තිබෙන අතර ඒවායේ අන්තර්ගතය බරපතලය.එවැනි තත්ත්වයක ශී‍්‍ර ලන්කන් සමග අත්වැල් බැදගැනීමට කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වනු ඇතැයි සැක සහිතය.
ශී‍්‍ර ලන්කන් සතු නිශ්චල දේපළ වල වටිනාකම රුපියල් බිලියන 23.5 කි.දැන් පවත්නා තත්ත්වය සැළකූ විට එම දේපළ වල වටිනාකම රුපියල් බිලියන 26.8 කි.සමාගමේ අලාභය රුපියල් බිලියන 99.9 කි.ආර්ථික විශේෂඥයින්ට සහ ගණකාධිකාරීවරුන්ට අනුව යහපත් පැවැත්මක් ඇති සමාගමක වත්කම් සහ අලාභ අතර අනුපාතය 2.1 මට්ටමේ, එසේත් නැතිනම් රුපියල් බිලියන 2 කට රුපියල් බිලියන 1 ක මට්ටමේ පැවතිය යුතුය.ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය මෙම අනුපාතය අහළකවත් නැත.සමාගම ඉතාම සීඝ‍්‍රයෙන් විනාශය කරා යමින් හෝ දැනටමත් විනාශයට පත්ව සිටී.
ශී‍්‍ර ලන්කන් මෙහෙයුම් කටයුතු සළකන විට පසුගිය රාජපක්ෂ පාලන සමයේ (2015 මාර්තු 31 වැනිදා දක්වා ගෙවුනු වසරක කාලය* එහි ආදායම රුපියල් බිලියන 132 ක් විය.එතැන් සිට 2016 මාර්තු 31 වැනිදා ගෙවුනු වසරේ එහි ආදායම රුපියල් බිලියන 129 ක් විය.එනම් රුපියල් බිලියන 2.5 ක අලාභයක් සිදුව ඇත.රුපියල් බිලියන 14 ක තිබූ දළ මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 7 ක් දක්වා පහත දැමිීමට වර්තමාන පාලනාධිකාරිය යටතේ හැකිව තිබේ.එය ශී‍්‍ර ලන්කන් ලබාගෙන ඇති ජයග‍්‍රහණයක් වුවත් සමාගම තවමත් පවතින්නේ අවදානම් කලාපයේය.බදු පැනවීමට පෙර (පසුගිය රජය සමයේ* ලැබූ රුපියල් බිලියන 16 ක අලාභය, මෙම වසරේ රුපියල් බිලියන 12 දක්වා පහතට ගෙන ඒමටද හැකිව තිබේ.ප‍්‍රංශයෙන් එයාර්බස් ඒ 330 සහ ඒ 350 යානා සදහා කර තිබූ ඇණවුම අවලංගු කිරීම නිසා ගෙවීමට සිදුවුනු රුපියල් බිලියන 2.5 ක මුදලද, මෙම වසරේ සමාගම ලැබූ අලාභය යටතට ගෙන ඇත.රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පසුගිය මාර්තු මාසයේදී අනාවරණය කළ ආකාරයට මෙම ගුවන් යානා මිලයට ගැනීමට සිට ඇත්තේ ඒවායේ නියම වටිනාකමට වඩා සියයට 30 ක මුදලක් වැඩිපුර ගෙවාය.එනිසා සිදුව තිබෙන අලාභය, ශී‍්‍ර ලංකාවේ පාසල් 300 ක්, හෝ සියලූ පහසුකම් ඇති රෝහල් 65 ක් ඇතිකිරීමට ප‍්‍රමාණවත් බව ඔහු පැවසුවේය.රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළ ආකාරයට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට ශී‍්‍ර ලන්කන් වෙත කිසිදු භාණ්ඩාගාර සහයක් ලබානොදෙන බව අවධාරණය කර ඇත.
රුපියල් බිලියන 140 ක් වන අලාභය පියවා ගැනීමට ශී‍්‍ර ලන්කන් හි වත්මන් තත්ත්වය සැළකූ විට තවත් වසර 10 කට ආසන්න කාලයක් ගතවනු ඇත.එයාර්බස් යානා ඇණවුමට පසුගිය රජය සමයේ අනුමැතිය දුන් පුද්ගලයා හෝ එම ගනුදෙනුවෙන් තම තමන්ගේ සාක්කු පුරවාගත් පුද්ගලයින් මේ දක්වාම හදුනාගෙන නොමැත.අඩුම තරමින් ඔවුන් හදුනාගැනීමට විමර්ෂණයක් පවා දියත් කර නොමැත.
ආර්ථික අර්බුදය ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය පෙළමින් තිබියදීම එහි කලමණාකාරීත්වය, ශී‍්‍ර ලන්කන් ගුවන් නියමුවන්ගේ සංගමය සමග ගැටුමකද පැටළී සිටී.මෙම ගැටුමට පාදක වී ඇත්තේ මධ්‍යසාර පානය කර ඇතිදැයි හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණයකි (බ්‍රෙතලයිසර් ටෙස්ට්*.මෙයට පෙර අවස්ථාවකද ගුවන් නියමුවන්ගේ සංගමය සහ සමාගම් කලමණාකාරීත්වය එකිනෙකා සමග ගැටුනු අතර එයට හේතු වූයේ ගුවන් නියමුවන් කොළඹ සහ වෙනත් ගුවන් තොටුපල වල ව්‍යාපාරික පන්තියට වෙන්කර තිබෙන අංශය භාවිතයට ගැනීමය.පසුව කලමණාකාරීත්වය මතය වෙනස් කර ගත්තේය.
දැන් ගැටුම ඇතිව තිබෙන්නේ මධ්‍යසාර පානය කර ඇත්දැයි හදුනාගැනීමේ පරීක්ෂණයට ඉදිරිපත් වීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා වැටුප් රහිතව වැඩ තහනමට ලක්ව සිටින ගුවන් නියමුවකු අරබයාය.නමින් සුමිත් ජයසේකර වන මොහු පළපුරුදු ගුවන් නියමුවකු බව සඳහන්ය.පරීක්ෂණයට ඉදිරිපත් වීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ බීමතින් සිටි නිසා බවට ශී‍්‍ර ලන්කන් කලමණාකාරීත්වය එල්ල කරන චෝදනාව ජයසේකර මහතා තරයේම ප‍්‍රතික්ෂේප කරයි.නමුත් මෙවන් තත්ත්වයක් පැවතියදීම ඔහුට මගීන් පිරුණු එයාර්බස් ඒ 330 යානයක් පැදවීමටද අවසරය ලබාදී තිබීම ගැටලූවකි.පරීක්ෂණය සිදුකිරීමට තමා හමුවට පැමිණි කණ්ඩායමේ සංයුතිය අභියෝගයට ලක් කර ඇති ජයසේකර එහි විශ‍්‍රාමික පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිටියේයැයි ශී‍්‍ර ලන්කන් කලමණාකාරීත්වය වෙත චෝදනාවක් එල්ල කර ඇත.ඒ හමුවේ පරීක්ෂණ කණ්ඩායමට හෙදියන් ඇතුළත් කිරීමට සමාගම් කලමණාකාරීත්වය කටයුතු කර තිබේ.මෙවැනි වාතාවරණයක ශී‍්‍ර ලන්කන් කෙරෙහි මෙරට මෙන්ම විදේශයන්හි වෙසෙන ජනතාවගේ ඇති විශ්වාසය ක‍්‍රමයෙන් වියැකී යනු වැළැක්විය නොහැක.තමන් හා කලමණාකාරීත්වය අතර සබදතා ක‍්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන්නේ ගුවන් සේවයක් පවත්වාගැනීම ගැන කිසිත් නොදන්නා පිරිසක් එහි මුල් පුටුවල සිටින නිසා බව ගුවන් නියමුවන් නගන චෝදනාවයි.
ජයසේකරගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අකුරට වැඩ කිරීමේ කි‍්‍රයාමාර්ගයකට එළැඹිීමට ගුවන් නියමුවන්ගේ සංගමය තීරණය කර ඇත.නමුත් සමාගම් කලමණාකාරීත්වය එහි ස්ථාවරය වෙනස් කරගැනීමට සූදානම් නැත.ගුවන් මෙහෙයුම් අංශයේ ප‍්‍රධානී කැප්ටන් රජිනාඞ් රණතුංග මහතා නිකුත් කර ඇති නිවේදනයක පහත කරුණු සඳහන්ය.
x ඉදිරි සති දෙකහි කාලයට බලපැවැත්වෙන සේවා අනුයුක්ත කිරීම් දැනුම් දෙනු ඇත.වාර්ෂික නිවාඩු ගැනීමට මෙම සති දෙකහි කාලයේදී අවසරයක් නැත.ඒ අනුව ඉදිරි සති දෙකහි වාර්ෂික නිවාඩු ගැනීමට සිටි කාර්යමණ්ඩල සාමාජිකයන්, කලමණාකාරීත්වයේ නියමය අනුව අවශ්‍ය අවස්ථාවක තම සේවය ලබාදීමට සූදානමින් සිටිය යුතුය.කෙසේවුවත් තත්ත්වය යහපත් අතට හැරුණහොත් සාමාන්‍ය පරිදි නිවාඩු ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.මෙම තීරණය දැනට වාර්ෂික නිවාඩු මත සිටින කාර්යමණ්ඩල සාමාජිකයින් හට බල නොපවැත්වේ.
x ගුවන් ගමන් වලට සහභාගී වීම සදහා, නිවාඩුවක් ලබාගැනීම සදහා, අනේයා්න්‍ය අවබෝධය මත සිදුවන සේවා වෙනස් කිරීම් සදහා, අවසර නැත.
x මිහින් ලංකා සේවක පිරිස ශී‍්‍ර ලක්නක් යටතට ගැනෙනු ඇත.
x අත්‍යාවශ්‍ය නොවන පුහුණු සැසි දින නියමයක් නොමැතිව කල් දැමෙනු ඇත.
නමුත් ගුවන් නියමුවන්ගේ සංගමය තම කි‍්‍රයාමාර්ගය දිගටම කි‍්‍රයාත්මක කිරීමේ තිර අදිටනකින් සිටී.
පසුගිය අගහරුවාදා කැබිනට් මණ්ඩල හමුවේදී ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා විය.ඇමැතිවරුන්ගේ අවධානය යොමුවූ ප‍්‍රධාන කරුණක් වූයේ දිවයිනෙන් පිටට ලබාගන්නා ගුවන් ටිකට්පත් සදහා සියයට 15 ක වැට් බද්දක් පැනවීමට, නව බදු සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශයයි.පසුගිය සතියේ දේශපාලන තීරුවේ මේ පිළිබද සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබිණ.වැට් සංශෝධනයන්ට අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමිවූ අතර ඒ අතරම පිටු 21 කින් යුතුවූ නීති කෙටුම්පතකටද ඔවුහු අනුමැතිය ලබා දුන්නෝය.මෙම කෙටුම්පතට අනුව 2015 ජනවාරි මස පළමුවැනිදා සිට, 2016 මාර්තු මස 31 වැනිදා හෝ ඊට පෙර අවසන් වන කාල සීමාවටත්, 2016 අප්‍රෙල් මස පළමුවැනිදා සිට, 2016 මැයි මස පළමුවැනිදා දක්වා වන කාල සීමාවටත්, 2016 ජූලි මස 12 වැනිදා සිට මෙම කෙටුම්පත බලාත්මක කිරීම දක්වා වන කාල සීමාවටත්, අදාළ වන පරිදි බදු අය කරගැනීම් සිදුකරගැනීමට රජයට අවසරය හිමිවේ.
වැට් බදු සංශෝධන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි.නමුත් විරුද්ධ මත දරන පාර්ශවයන් මේ අරබයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද රජය අවධානයෙන් සිටී.මෙවර බදු සංශෝධන කෙටුම්පත සකස් කෙරුනේ පසුගිය අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මනාව සැළකිල්ලට ගනිමිනි.
නව සංවර්ධන මූලෝපායක්
ඇමරිකා සමාගමක සහය ලබන වැඩසටහන් කලමණාකාරනය කිරීමේ මධ්‍යගත ඒකකයක් පිහිටුවීම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාවක්, අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත්ව තිබේ.මෙම කැබිනට් පති‍්‍රකාව සකස් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාය.සංවර්ධන (විශේෂ අවස්ථා* මැයෙන් නීති කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමටද ඔහුට අවශ්‍යය.
මෙවැනි ඒකකයක් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයක් යටතේ කි‍්‍රයාත්මක වීමට සැළැස්වීමෙන් කාලය නිරපරාදයේ වැය වීමටත්, අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමටත් නොහැකි වීමටත් ඉඩ ඇති නිසා අගමැතිවරයාගේ නිර්දේශය වී ඇත්තේ මාස තුනක කාලයකට එම ඒකකයේ කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ මැකින්සි සමාගම වෙත ලබා දීමය.මේ සදහා කොන්ත‍්‍රාත් පදනම යටතේ වන ඩොලර් ලක්ෂ 23 ක ගෙවීම අයවැයෙන් සිදුකෙරෙන අමතර වෙන් කිරීමක් ලෙස සංස්ථාපිත අරමුදලෙන් ලබාදිය හැකි බවටද අගමැතිවරයා යෝජනා කර ඇත.
මෙම ඒකකයේ කාර්යභාරය අගමැතිවරයා විස්තර කර ඇත්තේ මෙලෙසය.
‘‘ දිවයින පුරා කි‍්‍රයාත්මක ආර්ථික සංවර්ධන ව්‍යාපෘතීන් අන්තර්ග‍්‍රහණය කිරීම හා කාර්යක්ෂම කිරීමත්, රටේ ආර්ථිකය ප‍්‍රතිව්‍යූහගත කර එය තිරසාර සමාජ ආර්ථික ක‍්‍රමයක් බවට පත් කිරීමත් මෙම ඒකකයේ ප‍්‍රධාන කාර්යභාරය වේ.මැකින්සි සමාගම මේ සදහා තෝරාගැනීමට හේතුව වූයේ මෙවැනි කටයුතු වල නිතරව ඔවුනට සැළකිය යුතු තරමේ පළපුරුද්දක් තිබීමත්, ඔවුන්ගේ මැදිහත් වීම යටතේ ඉතාම සීඝ‍්‍රයෙන් දියුණු වන මලයාසියාව වැනි රටවල වැඩසටහන් කලමණාකරනය වෙනුවෙන් වන මධ්‍යගත ඒකක පිහිටුවීමට ඔවුන් කටයුතු කර තිබීමත් නිසාය.‘‘
නිර්දෙශිත ඒකකයට අදාළව සිදුකළ යුතු සංචාරයන්, උපදේශනයන් සහ පසු පිරික්සුම් කටයුතු සම්බන්ධ යෝජනාවලියක් මැකින්සි සමාගමෙන් රජය වෙත එවා තිබෙන බවද අගමැතිවරයා කැබිනට් මණ්ඩල හමුවේ කියා ඇත.
මැකින්සි සමාගම සමග ඇතිකර ගැනෙන ගිවිසුම කොටස් පහකින් සමන්විත වන බවද අගමැතිවරයා පවසා තිබේ.එම කොටස් පහත දැක්වේ.
x ප‍්‍රධාන නායකත්ව කණ්ඩායමට මැකින්සි සමාගමට අයත් විවිධ කාර්යාල සාමාජිකයින් හතර දෙනෙක් අයත් වනු ඇත.මෙම සාමාජිකයන්ට ආර්ථික කටයුතු සම්බන්ධයෙන්, ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන්, මෙරට ජාතික මට්ටමින් ප‍්‍රමුඛ ස්ථානය ලබාදී ඇති ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් මනා දැනුමක් තිබිය යුතුය.
x අන්තර්ජාති විශේෂඥ මණ්ඩලයක් ඇති කෙරෙනු ඇත.එහි සාමාජිකයන් වනු ඇත්තේ මැකින්සි සමාගමේ විද්වත් සාමාජිකයෝය.
x උපදේශක කමිටුවක් පිහිටැවෙනු ඇත.එහි සාමාජිකයෝ වනු ඇත්තේ ප‍්‍රායෝගික අත්දැකීම් ඇති ප‍්‍රවීණයෝය. උදා - ජෝර්ජියා ආර්ථික හා බලශක්ති අමාත්‍ය නිකා ගිලාවුරි, සිංගප්පූරු හිටපු පරිපාලන සේවා ප‍්‍රධානී පීටර් හෝ
x ව්‍යාපෘති කලමණාකරුවෙක් සහ උපදේශකයින් සිව් දෙනෙක් ගෙන් සමන්විත වන වැඩකරන කණ්ඩායමක් ඇති කෙරෙනු ඇත.මෙම කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ ස්ථානගත කෙරෙනු ඇත.ව්‍යාපෘතියේ දෛනික කටයුතු වල වගකීම පැවරෙන්නේ මෙම කණ්ඩායමටය.
x සහායක කණ්ඩායමක් ඇති කෙරෙනු ඇත.පර්යේෂකයින්, ආර්ථික විශේෂඥයින්, ග‍්‍රැෆික් නිර්මාණකරුවන්, සන්නිවේදන විශේෂඥයින්, එහි සාමාජිකයෝ වනු ඇත.මෙම කණ්ඩායම සහ පරිපාලන සහායක කණ්ඩායමක් වැඩකරන කණ්ඩායමට අවශ්‍යය සහය ලබාදෙනු ඇත.
අවශ්‍යතා පැහැදිලිව ප‍්‍රමුඛතා ගත කිරීමද, ඉහළම ප‍්‍රතිලාභයක් අත්කරගත හැකි ආර්ථික කටයුතු එම ප‍්‍රමුඛතා යටතට ඇතුළත් කිරීමද, රැුස්වීම් සහ හමුවන් පැවැත්වීම, ඒවා නිසි ලෙස වාර්තාගත කිරීම, ආදියද මැකින්සි සමාගමට පැවරෙන වගකීම්ය.
මෙම ඒකකය පිහිටැවුනු පසු කි‍්‍රයාත්මක වනු ඇත්තේ අගමැති කාර්යාලය යටතේය.ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු, සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළඳාම, යන අමාත්‍යංශ සමගද, ඇතිකිරීමට යෝජනා කර ඇති සංවර්ධනය සදහා වන ආයතනයද සමග වැඩසටහන් කලමණාකරනය කිරීමේ මධ්‍යගත ඒකකය සම්බන්ධ වනු ඇත.
ජාතික හෙළ උරුම සමුළුව
ජාතික හෙළ උරුමයේ වාර්ෂික සමුළුව ලබන 24 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා කියා සිටියේ ජනවාරි මස අට වැනිදා විප්ලවයට දායකත්වය දුන් පාර්ශවයන් හා එක්ව වඩා පුළුල් පක්ෂයක් ලෙස ඉදිරියට පැමිණීම ජාතික හෙළ උරුමයේ අපේක්ෂාව බවය.
‘‘ අපි අපේ පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්න විවිධ කණ්ඩායම් වලට අවස්ථාව ලබාදෙනවා.ඒ වගේම පක්ෂයේ විවිධ මට්ටම් වල නායකත්වයේ දැනට සිටින බෞද්ධ හිමිවරුන්ට අමතරව වෙනත් අයටත් අවස්ථාව ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.‘‘ ඔහු පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ 71 වැනි මහ සමුළුවට සහභාගී වීමට ජනපති සිරිසේන අද (18* දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.තිරසාර සංවර්ධන ඉලක්කයන් හඳුන්වාදී පළමු වසර ගෙවෙන්නේද එක්සත් ජාතීන්ගේ 71 වැනි මහ සමුලූව පැවැත්වෙන දිනයටය.එම සංවිධානය සදහන් කළ ආකාරයට ලොව රටවල් 140 කට අධික නායකයෝ මෙවර සමුලූවට සහභාගී වනු ඇත.
මගේ ප‍්‍රධාන වගකීම වෙන්නේ ගුවන් හමුදාව සහ එහි සේවය කරන සියලූදෙනා - නව ගුවන් හමුදාපති
දිනය 1986 පෙබරවාරි මස පස් වැනිදාය.යුද්දය දරුණු ලෙස ඇවිලෙමින් තිබූ සමයකි.බෙල් 22 වර්ගයට අයත් හෙලිකොප්ටර යානයක් කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේ කලවන්චිකුඩි - මහ ඔය මාර්ගයට ඉහළින් පියාසර කරමින් තිබින.එහි වගකීම වූයේ අනාගතයේ ශී‍්‍ර ලංකාවේ පොලිස්පතිවරයකු වන එන්.කේ.ඉලංගකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ ගමන් කරමින් සිටි පොලිස් බල ඇණියකට ආරක්ෂාව සැපයීමය.එම සමයේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නියමුවන්ට විශේෂ ආරක්ෂක හිස්වැසුම් ආදී ආරක්ෂක උපකරණ කිසිවක් නොතිබින.හදිසියේම හෙලිකොප්ටරයේ ඉදිරිපස වීදුරුව බිදගෙන පැමිණි උණ්ඩයක් නියමුවාගේ හිසෙහි වැදින.ලේ ගලා යන්නට ගත්තද කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්නට ඔහු සමත් විය.හෙලිකොප්ටරය ආපසු හරවාගත් හෙතෙම කිලිනොච්චි ගුවන් හමුදා ගුවන්තොටුපලේ හදිසි ගොඩබැස්වීමක් සිදු කළේය.
ඩෙ හැවිලැන්ඞ් හෙරොන් රයිලි වර්ගයට අයත් ගුවන් යානයක් කිලිනොච්චි ගුවන් හමුදා ගුවන්තොටුපලට ගොඩ බැස්සේය.එහි නියමුවා වූයේ (අනාගත ගුවන් හමුදාපතිවරයකු වන* කණ්ඩායම් නායක ඩොනල්ඞ් පෙරේරාය.තුවාල ලබා සිටි ගුවන් නියමුවා කොළඹ රැුගෙන යාමට ඔහු පැමිණ සිටියේය.ඩොනල්ඞ් පෙරේරා රත්මලාන ගුවන් තොටුපලට ළගා වන විට එතැන පෙති කරකැවෙමින් තිබූ හෙලිකොප්ටර් යානයක් විය.එහි නියමුවා වූයේ (තවත් අනාගත ගුවන් හමුදාපතිවයරයකු වන* ඔලිවර් රණසිංහ මහතාය.තුවාල ලැබූ ගුවන් නියමුවා තම හෙලිකොප්ටර් යානයට නංවා ගත් හෙතෙම වහ වහා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල බලා පියාසර කළේය.රෝහල කරා ළගා වූ පසු තාවකාලිකව අටවා තිබූ බැසුම් ස්ථානයක් (හෙලිපෑඞ්* මතට හෙලිකොප්ටරය ගොඩ බැස්වූ ඔහු තුවාල ලැබූ ගුවන් නියමුවා පිටතට ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය උපකාර කළේය.ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් වෙන් කර තිබූ 15 වැනි වාට්ටුවට ඔහුව ඇතුළත් කරනු ලැබුනේ එම වාට්ටුවට ඇතුළත් වූ පළමු ආරක්ෂක අංශ නිලධරයා වීමේ අවස්ථාවක ඔහුට හිමි කරදෙමිනි.සූදානමින් සිටි වෛද්‍යවරු වහා ඔහුව පරීක්ෂාවට ලක් කළහ.ප‍්‍රාතිහාර්යයකට නොඅඩු අයුරින් ගුවන් නියමුවා මරණයෙන් ගැලවී සිටියේය.උණ්ඩය ඔහුගේ හිසට වැදී තිබුණද, හිස් කබල පසාකරගෙන ගොස් නොතිබින.ප‍්‍රහාරය එල්ල කර තිබුනේ කරුණා පාර්ශවයට අයත් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි.එම සාමාජිකයාට අණ දුන් එල්.ටී.ටී.ඊ නැගෙනහිර කලාප නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා, පසු අවස්ථාවක රාජපක්ෂ රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ලෙස පත්විය.
එම වාසනාවන්ත ගුවන් නියමුවා පසුගිය සදුදා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්විය.පළපුරුදු හෙලිකොප්ටර නියමුවකු සහ ප‍්‍රවීණ නියමු උපදේශකවරයකු වන ඔහු ශී‍්‍ර ලංකාවෙන් පුද්ගලයකුට පිරිනැමෙන උසස්ම සම්මානයේද හිමිකරුවෙකි.එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබූ අවස්ථාව ප‍්‍රථම වතාවට ගුවන් හමුදාවේ ගණනින් 25 ක් වන සියලූම අංශ වල සාමාජිකයන්ට සජීවීව දැකගැනීමට අවස්ථාවද හිමිවිය.ඒ එම අවස්ථාව සජීව ලෙස විකාශනය කිරීමට කටයුතු සළස්වා තිබුනු බැවිනි.
ජයම්පති පත්වන්නේ හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගෙන් හිස්වන පුටුවටය.බුලත්සිංහල ගුවන් හමුදාපති ධූරය හෙබවූයේ වසරක් සහ මසක කාලයක් පමණකි.එය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ, ගුවන් හමුදාපතිවරයකු තනතුර හෙබවූ කෙටිම කාල සීමාවය.පසුගිය 12 වැනිදා බුලත්සිංහල වයස අවුරුදු 55 ලබන්නට නියමිතව සිටි අතර, ඒ හමුවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, බුලත්සිංහලට සේවා දිගුවක් ලබාදිය යුතුයැයි නිර්දේශයක්ද ඉදිරිපත් කර තිබින.රණවිරු රියල් ස්ටාර් 2016 වැඩසටහනට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගීව සිටි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන නව ගුවන් හමුදාපතිවරයා ගැන ඉගියක් ලබාදෙනු ඇතැයි සියලූදෙනා අපේක්ෂාවෙන් සිටි මුත් ඔහු කිසිවක් කීවේ නැත.ජනපති සිරිසේන ආරක්ෂක ලේකම්වරයාට ඔහුගේ අවසන් තීරණය දැනුම් දුන්නේ එදින රැුයේය.එයාර් වයිස් මාර්ෂල් ජයම්පති නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්කිරීමට අවශ්‍ය ලියකියැවිලි සූදානම් කරන්නැයි ජනපතිවරයා උපදෙස් දුන්නේය.ජයම්පති පසුව එයාර් මාර්ෂල් තනතුරට උසස් කිරීමද සිදුවිය.හිටපු ගුවන් හමුදාපති විශ‍්‍රාම යෑමෙන් පසුව එයාර් චීෆ් මාර්ෂල් තනතුරට උසස් කැරිණ.නමුත් මෙම කටයුතු හදිසියේ සිදුවූ නිසා ගුවන් හමුදාපතිවරයකු විශ‍්‍රාම යන විට සිදුකරන දිවයින පුරා පිහිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරු බැලීමට යන සාම්ප‍්‍රදායික පිළිවෙතෙහි නිරත වීමට ඔහුට අවස්ථාවක් නොලැබින.
‘‘ මගේ ඉහළම වගකීම වෙන්නේ මගේ නිලධාරීන්ගේ සහ භටයින්ගේ සූභසාධනය.ඔවුන්ට උසස් ජීවන මට්ටමක්, තමන් ගැන අභිමානයක්, ලබාදීමෙන් පසුවයි ඔවුන්ගෙන් අපේ සංවිධානයටත්, ජනතාවටත්, රටටත්, හොද සේවයක් ලැබෙනු ඇතිය කියා බලාපොරොත්තු විය යුත්තේ.‘‘ නව ගුවන් හමුදාපතිවරයා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.සංහිදියා කි‍්‍රයාවලිය අනුව යමින් ගුවන් හමුදාවට අනෙක් ජන කොටස් වල සාමාජිකයන් බදවා ගැනීමටද තමන් අපේක්ෂා කරන බවද ඔහු කීවේය.පශ්චාත් යුද සමයේ එය ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
‘‘ අපිට තරගයක යෙදෙන්න, ලොකු හීන දකින්න වුවමනාවක් නැහැ.අපි කරන්න ඕනේ යථාර්ථයක් බවට පත්කරන්න පුලූවන් දේවල් ගැන විතරක් සිහින දකින එක.රටේ ආර්ථික තත්ත්වය සිහියේ තබාගනිමින්, රජයට වැඩි බරක් පැටවෙන්නේ නොමැති විදිහට අප කටයුතු කළ යුතුයි.ලෝකයත් එක්ක ඉදිරියට යන්න අප සම්පූර්ණ කරගත යුතු අවශ්‍යතා හදුනාගෙන ඒවා සපුරාගැනීමත්, සපුරාගත් අවශ්‍යතා තවදුරටත් දියුණු කිරීමත් ක‍්‍රමානුකූලව සිදුකරන්නට අප බලාපොරොත්තු වනවා.‘‘ නව ගුවන් හමුදාපතිවරයා පැවසුවේය.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වසර 33 ක අත්දැකීම් ඇති නව ගුවන් හමුදාපතිවරයා නව සන්දර්භයන් යටතේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කුසලතා සංවර්ධනය කළ යුතුව තිබෙන බව සැගවීමෙන් ඵලක් නැතැයි පිළිගත්තේය.
’‘ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක හමුදාව සමග අප අපගේ සේවා තවත් හොදින් සම්බන්ධීකරණය කරගත යුතුව තිබෙනවා.මත්ද්‍රව්‍ය ජාවාරම, රත‍්‍රන් සහ වෙනත් නීතිවිරෝධී ජාවාරම්, මර්දනය කරන්න නම් හොද සම්බන්ධීකරණයක් අප එකිනෙකා අතර පැවතීම අනිවාර්යයි.අපේ රට දිවයිනක්.මේ නිසාම විශාල ආර්ථික කලාපයක් තිබෙනවා ආරක්ෂා කළ යුතු.ඒ වගේම ශී‍්‍ර ලංකාවට අයත් ගුවන් තොරතුරු කලාපයෙත් ආරක්ෂාව තර කළ යුතුයි.මෙම කලාපයෙන් සියයට 90 ක්ම තියෙන්නේ සාගරය.‘‘ ඔහු කීවේය.
’‘ මේ කලාපයේ සිදුවිය හැකි දේවල් වලට මුහුණ දෙන්නට අප සූදානමින් සිටිය යුතුයි.මලයාසියා ගුවන්සේවයේ අංක 370 දරන ගුවන්යානයේ අතුරුදන්වීමත් එක්ක නොයෙක් ගැටලූ පැන නැගුනා.එතැනින් පැහැදිලි වුනා සාගර කලාපයක පිරික්සුම් කටයුතු සිදුකරන්න ඇතැම් රටවල් වලට පමණයි හැකියාව තිබෙන්නේ යන වග.අපත් එම හැකියාවන් ඇතිකරගත යුතුයි.‘‘
’‘ ගුවන් සේවා සහ ඒ සම්බන්ධයෙන් අසල්වැසි රටවල් සමග සබදතා පවත්වාගැනීම ගුවන් හමුදාවේ ප‍්‍රධාන වගකීම වුවත්, මම කැමතියි අපේ සංවිධානය විවිධ ක්ෂේත‍්‍ර ආවරණය කරන විශ්වවිද්‍යාලයක් ලෙස හදුන්වාදෙන්න.දක්ෂ ඒ වගේම සුදුසුකම් ඇති සාමාජිකයෝ අපට ඉන්නවා.ඔවුන්ට පුලූවන් නුවර එළියේ ග්ලයිඩර් පැදීමේ කි‍්‍රීඩාවට අවශ්‍ය සහය ලබාදෙන්න.වෙළද ගුවන්සේවා වලට අවශ්‍ය සහය ලබාදෙන්න.අපි මේ ඔක්කොම පටන් ගන්නේ ඉස්සෙල්ලාම අපේ සංවිධානයේ සාමාජිකයන් ගැන සොයා බලලා.මම මේ ගැන සහතික වෙනවා.‘‘ ජයම්පති මහතා පැවසුවේය.