‘ආර්ථික- දේශපාලන ක්‍රමය බිඳ වැටුනේ ඡන්ද පොරොන්දු නිසා‘


(අංජුල මහික වීරරත්න)

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම නිසා  මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ  යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය. 

ොයාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව කී ජනාධිපතිවරයා  ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික සම්පත් එම පළාතේ පවතින බව පැවසීය.