‘ආරක්ෂාව යනු ගැඹුරු දෙයක්‘ - ආරක්ෂක ලේකම්


අපට හැම වෙලාවකදීම යම්කිසි තර්ජනයක් ඇතැයි කියා සිතා හැමවිටම ආරක්ෂාව තර කිරිම් කරන බවත් ආරක්ෂාව යනු ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරිම පමණක් ‍නොව එය ඉතාමත් පළල් ගැඹුරු දෙයක් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (13) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පැවසීය.

යමෙක් නිශ්ශබ්දව සිටීමේදී ඔවුන් සංවිධානය වනු යැයි  සිතා අපි ඔවුනට වඩා ඉදිරියෙන් සිටීමට බලන බවත් ආරක්ෂක ලේකම් එහිදී පැවසීය.

හෙට්ටිආරච්චි මහතා අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

chamil_205913KHvlcsnap-2015-09-13-19h11m05s198 chamilKH_2015913vlcsnap-2015-09-13-19h09m13s95 KHchamil_2015913DSC00565