‘ආනයනික සහල් ලක්ෂ ගණන් විනාශ වෙනවා’


ඩබ් ඒ පියතිලක
 
රටේ සහල් මිළ රුපියල් සියක මිළකට අලෙවි කර අවස්ථාවේ ආනයනය කරන ලද සහල් කිලෝ ලක්ෂ ගණනක්හිඟුරක්ගොඩ පිහිටි සතොස අයත් ගබඩාවක කෘමි  හානිවලට ලක් වෙමින් විනාශයට පත්වන  බව පොලොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති මුදිත් පෙරේරා මහතා කීවේය. 


මෙහිදී පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා  මෙස් පැවසීය.

‘ලංකාවේ හාල් හිඟයක් තිබුණේ නෑ. එහෙම හාල් හිඟයක් තිබුණා නම් මේ වන විට ආනයනය කළ එක හාල් ඇටයක් තියෙන්න විදිහක් නෑ. මේ හාල් ගෙනාවේ එක එක්කෙනාගේ වාසි තකා. එකෙන් වුණේ මේ වන විට සතොසට අයත් හිගුරක්ගොඩ ගබඩාවේ රට හාල් කිලෝ ලක්ෂ ගණක් කෘමි හානි වෙමින් තියෙනවා. කෘමි සතුන්ගෙන් බේරගන්න කියලා ඒ  හාල්වලට වස තෙල් ගහලා තියාගෙන ඉන්නවා.

එක තමයි ආණ්ඩුවේ සහල් ගෙන්වන්න අවසර දුන්න මැති ඇමැතිවරුන්ගේ පළමු වංචාව මොකද තව ටික දවසකින් මේ හාල් තොගයම අඩු මුදලකට සත්ව ආහාර වලට නිකුත් කරනවා. එහෙම කරපු ගමන්ම  මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ සහ මැති ඇමැතිවරුන්ගේ ගෝල බලයෝ කරන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන සහල් වලට මේ ජරා සහල් සුද්ධ කරලා අඑත් ලේබල් ගහලා දින ගහලා ලංකාවේ නිෂ්පාදිත සහල් ලෙස වෙළඳපොළට නිකුත් කරනවා. මේක තමයි සහල් මාපියාව කියන්නේ. ‘


‘මේවා අපි ආණ්ඩුවට මඩ ගහන්න කියනවා නෙවෙයි. මේක තමයි ඇත්ත. මේ ආණ්ඩුව පත් වෙලා මාස කිහිපයයි ගියේ සත්ව ආහාර සඳහා නිකුත් කරපු සහල් තොග පිටින් සතොස ලොරි වලින්ම පොලොන්නරුවට ගෙනල්ලා ගුල්ලෝ පණුවෝ ඉවත් කරලා අලුත් සතොස බැග් වලට දාලා දින වෙනස් කරලා ජනතාවට කන්න රටපුරා පිහිටි සතොස වෙළදසල්වලට යවන ගමන් කරපු ජාවාරමක් අපි අල්ලා ගත්තා.  

ඒ අවස්ථාවේ රජය  තීරණය කළා  රටේ පවතින සහල් ප‍්‍රමාණය සහ වී ප‍්‍රමාණය පිළිබඳ අධ්‍යයනයක්  නොකර සහල් ගෙන්වීම තහනම් බව නමුත් ඒ නීති රිතීත් උල්ලංඝණය කරමින් මේ සහල් මාපියාව පිළිබඳව සහ පසුගිය මාස කීපය තුළ සතොස විසින් ආනයනය කරන ලද සහල්  ප‍්‍රමාණය පිළිබඳ විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා’ යැයි පොලොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති මුදිත් පෙරේරා  මහතා වැඩිදුරටත් කීය.