‘ආදාහනාගාරය දින දෙකක් වහලා’


බෙන්තොට ආදාහනාගාරය වසා දමා සේවකයන් දෙදෙනා ප‍්‍රාදේශීය සභාවේ කාර්යය මණ්ඩලය සමඟ විනෝද චාරිකාවක් යාම නිසා  මරණ තුනක් ආදාහනය කිරීමට වැඩි මිලක් ගෙවා  වෙනත් ආදාහනාගාර වලට  රැගෙන යාමට  සිදු වු බව ගම්වැසියෝ කියති. බෙන්තොට  ආදාහනාගාරයට  රුපියල්  4500 කි. එහෙත් ගමෙන් පිට  ආදාහනාගාර ගාස්තුව රුපියල් 7500 කි.

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ ලේකම් සුරංගි දේශපි‍්‍රය මහත්මිය පැවසුවේ   සුභසාධන සමිතියේ වාර්ෂික විනෝද චාරිකාව සඳහා ඉකුත් 26 , 27 යන දෙදින සියලුම දෙනා එක්වු බවයි.

“ආදාහනාගාරයේ වැඩ කරන අය වෙනුවට අන් කෙනෙකු එහි රඳවා තැබීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.දේහයක් ගිනි දැල්වීමේදී එයට උපයෝගී කරගන්නා ගෑස් මෙන්ම අනෙකුත් උපාංග නිසි පරිදි කළමනාකරණය කිරීමට පුහුණු කෙනෙකු නොමැති නිසා දෙදෙනාම මෙම චාරිකාවට එක්වීම නිසා එය වසා තැබීමට සිදුවූ බව පිළිගන්නවා.”

වසරකට වරක් යන විනෝද ගමනට එක්වීම ඒගොල්ලන්ගේ සිවිල් අයිතිවාසිකමක්.ඔය කියන මරණ සම්බන්ධව ළඟම ඇති ආදහනාගාර වෙත ඒවා ගෙනගොස් අවසන් කටයුතු කර ගැනීමට කරන්දෙණිය ඇල්පිටිය අලූත්ගම යන ආදාහනාගාර සම්බන්ධ කරදීමට අප කටයුතු කළා.