(අංජුල මහික වීරරත්න)
ආදාහනාගාර වලටත් පොරොත්තු ලේඛනයක සිටිය යුතු තරමට ආණ්ඩුවේ වැරදි තීරණ විසින් රට අගාධයට තල්ලු කර ඇතැයි සමගි ජන බලවේයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
රට ලොක් ඩවුන් කරන්නැයි සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම කියන විට ආණ්ඩුව බිහිරන් සේ සිටින්නේ තව තවත් ජනතාව මරු කටට ගෙන යාමට දැයි හර්ෂණ රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

