(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම සිදුකරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
16 දෙනාගේ කණ්ඩායම පක්ෂ නායකයන් පමණක් හමුවී සාකච්ඡා කිරිම ප‍්‍රමාණවත් නොවන බවත් මෙම වැඩපිළිවෙළ මෙයට වඩා ව්‍යෘප්ත කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා මෙසේ ද කීවේය.
‘‘අපිට අපේ කියලා දේශපාලනයක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපි වෙන පක්ෂයකට බැඳිලා ඒ පක්ෂයත් එක්ක දේශපාලනය කරන්න ඕනෑ.
අපේ වැඩපිළිවෙළ මෙයට වඩා ව්‍යාප්ත කළ යුතුයි. දැන් අපේ යෝජනාවක් අනුව තමයි ඒකාබද්ධ විපක්ෂයට කෙලින්ම සම්බන්ධ වෙන්න තීන්දු කලේ. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙලා ඔවුන් සමඟ වැඩ කිරිමට අපි බලාපොරොත්තු වනවා යැයි ද ඔහු කියා සිටියේය.