ලෝකයේ ලොකුම ණය හිමියා වන චීනය අමනාප කරගනිමින් ලොව ලොකුම ණය ගැතියා වන ඇමරිකාව සමග රජය මිතුරු දම් තර ගනිතියි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඇමරිකාව පවා වැඩිම වෙළඳ ගනුදෙනු කරන රට චීනය බව ආණ්ඩුවට අමතක වී ඇතැයිද ගම්මන්පිල මහතා කීය.
වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ සහ උපාය මාර්ගයන්හි වරදක් ඇත්නම් එයින් ඉරණම තීරණය වන්නේ ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ජාතියේම බවත් මේ හේතුවෙන් දේශපාලන භේද අමතක කර ආණ්ඩුවට උපකාරකොට අර්බුදයෙන් රට මුදවා ගැනීමට තමන් සූදානම් බවද පිවිතුරු හෙළ උරුම නායකයා කීවේය.
හෙළ උරුම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ගම්මන්පිල මහතා එබැවින් ආණ්ඩුව තමන්ටද සවන් දී වඩාත් ශක්තිමත් විය යුතුයැයිද පැවසීය.


