‘ආණ්ඩුව බලයට ගෙනාවේ සුළු පක්ෂ : 20 අසාධාරණයි‘ - රවුෆ් හකීම්


‘වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා ඉන්නෙ සුළු පක්‍ෂ නිසා නමුත් දැන් 20 වැනි සංශෝධනයත් එක්ක සුළු පක්‍ෂ මෙන්ම නියෝජිතයින් නොසලකා හැරෙනවා. අපි මේකට විරුද්ධයි ඉදිරියේදී ඉතා ඉක්මනින් සුළු පක්‍ෂ සියල්ලම එකතු වී අපේ විරෝධය ජනපතිට දැනුම් දෙනවා‘ යැයි අමාත්‍ය රවුෆ් හකීම් අඟහරුවාදා (22) යාපනයේදී කීවේය.

‘අපි ආසියානු සංවර්ධන බැංකුවත් සමග සාකච්ඡා කරලා තවත් කුඹුරු අක්කර 40,000 ක් වගා කරන්න පුළුවන් විදිහට ඉරණමඩු ජලාශය පුළුල් කරන්න මුදල් ලබාගන්න පියවර අරන් තියෙන්නේ. කොහොම වුණත් අපි අවුරුදු 2 කින් ජලය යාපනයට අරන් යනවා‘ යැයි ජාතික ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලයේ උතුරු ප‍්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මනත‍්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ඊ.සර්වනබවන් යන අයද ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලයේ උතුරු පළාත් නිලධාරීහුද එක්ව සිටියහ.

01 03 05