20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙර ආණ්ඩුව විසුරුවා හරින්නැයි එක්සත් ජාතික පක්ෂ කියන්නේ නම් පවතින පාර්ලිමේන්තුව තුළම අලුත් ආණුඩුවක් බිහිකරගෙන හෝ එම සංශෝධනය සම්මත කර ගැනීමට සිදුවන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි කීමෙන්ම එජාපයට ආණ්ඩුව කරගෙන යාමට නොහැකි බව පැහැදිලි වන්නේ යැයි ද අතුරලියේ රතන හිමියෝ කීහ.
20 වැනි සංශෝධනය ඇතුළුව ජනතාවට පොරොන්දු වු අණ පනත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සම්මත කර ගැනීමේ වගකිමක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තිබෙන බව කි රතන හිමියෝ වත්මන් ආණ්ඩුවට ඒ ගැන කිසිදු උනන්දුවක් නැතිවිම කණගාටුවට කරුණක් යැයි ද කියා සිටියහ.
රජය පාර්ලිමේන්තු න්‍යාය ප්‍රස්තකයට මියගිය අය පිළිබඳ ශෝක යෝජනා ඇතුළත් කරමින් පාර්ලිමේන්තුව ශෝකාලාපයක් බවට පත්කර ඇතැයි කී රතන හිමියෝ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකර අවශ්‍ය අණ පනත් සම්මත කර ගැනීමට දැන්වත් ක්‍රියා කළ යුතු යැයි ද පැවසුහ.


