‘ආණ්ඩුව කළේ අර්බුද ඇතිකිරීම පමණයි‘ - මහින්ද


(රංජන් කස්තුරි)

ඊනියා යහපාලන ආණ්ඩුවේ ගෙවී ගිය වසර තුනක කාලය තුළ රටේ සෑම ක්ෂේත්‍රයක් පුරාම දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය කර තිබෙන බවත් මහබැංකු මංකොල්ලය එහි බරපතලම සිද්ධිය බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආණ්ඩුවේ ගෙවීගිය කාලයේ ඇමරිකා ඩොලර් බිලියන 14.6ක විදේශ ණය කන්දරාවක් ලබාගෙන ඇතත් එම ණය මුදලින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

මොරගහකන්ද ජලාශය, රාජගිරිය ගුවන් පාලම, පොල්ගහවෙල හා ගණේමුල්ල ගුවන්පාලම් ඉදිකිරීමේ සැලසුම් හා ඒවාට මුදල් වෙන් කිරීම් සිදුකළේ තමාගේ ආණ්ඩු සමයේ දී බවද හිටපු ජනපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

වැඩ බැරි ආණ්ඩුව තම තුන්වැනි සංවත්සරය සමරන්නේ අනුන්ගේ ව්‍යාපෘතිවලට තමන්ගේ නම දාගැනීමෙන් බවද මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.