‘ආණ්ඩු මාරු වුණත් උතුර එහෙමමයි‘ - කරුණානිධි


නව රජයක් පත්වුව ද ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පැවති තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති බව ඉන්දියාවේ ඩි.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි පැවසීයැයි   ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (31) වාර්තා කළේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ දෙමළ ජනතාව බහුතරයක් වත්මන් ජනාධිපතිවරයාට  ඡන්දය භාවිත කළ බවත්, ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වුයේ බලය බෙදීම සහ උතුරේ හමුදාව ඉවත් කිරීම  අරමුණ ඉටුකර ගැනීම බවත් කරුණානිධි ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මේ වනතෙක් එම අපේක්ෂාවන් ඉටුකිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව  නිවේදනයක් නිකුත් කරමින් ඩි.එම්.කේ.පක්ෂ නායකයා ප්‍රකාශ කර ඇත.