(රොමේෂ් මධුෂංඛ)
යාපනය චුන්නාගම් ප්‍රදේශයේදී රොක් කල්ලියේ නායකයාට පහරදීමට සූදානම්ව සිටි ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාගම් පොලීසිය පවසයි.
ආවා කල්ලියෙන් කැඩී වෙනම සාදා ගන්නා ලද ‘රොක් ටීම්’ කල්ලියේ නායකයා වූ ධනු රොක් නැමත්තාට යාපනය මල්ලාකම් අධිකරණයේදී පැවති නඩුවකට පෙනී සිටීමට පැමිණෙන අතරතුර ඊයේ (06) ඔහුට පහරදීමට මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදි තුනකින් ආවා කල්ලි සාමාජිකයින් 9 දෙනෙකු පැමිණ ඇති අතර එහිදී පොලීසියට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු පලා ගොස් ඇති අතර ඉතිරි තිදෙනා පළමුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසුව තවත් ආවා කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සාමාජිකයින්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට චුන්නාගම් පොලීසිය පවසයි.