‘අහස් බබාගේ‘ උපතට වොඩ්කා


අඩි තිස් හය දහසක් උඩ පියාසර කරමින් තිබු ගූවන් යානයක සිදු වු දරු උපතක් සෙනගාලයෙන් විර්තා වෙයි. පසුගිය මාර්තූ 23 වැනි දින ඇටිලන්ටා ගූවන්සේවයට අයත්  යානයකින් සෙනගාලයේ සිට කැලිෆෝනියාව දක්වා ගමන් කරමින් සිටී කැත්රින් ඩබිඩෝ (37)  තම දරුවා මෙලොවට බිහිකළාය. යානයේ ප්‍රධාන ගුවන් සේවිකා සුසන් කර්න්ස් වින්නඹු මාතාවයි. දරු උපත සිදු වී සුළු වේලාවකින් බිළිඳාත් මවත් රැගෙන ගූවන් යානය නැවතත් ඩකාර් ගූවන් තොටුපළට පැමිණි පසු සුසන් කර්න්ස් මාධ්‍ය හමුවේ මෙසේ කීවාය. ‘ඇය දරුවා ලැබෙන්න ආසන්නව වේදනාවෙන් කෑ ගසත්දි අපි අඩි තිස් හය දහසක ඉහළ සිටියේ. දරු උපතකට අවශ්‍ය වෛද්‍ය උපකරණ කිසිවක් අපට තිබුනෙත් නැහැ. යානයේ පසුපස ආසන වල සිටී මගින් ඉදිරියට යවා ඇය ආසනයක් මත හොවා දරු ප‍්‍රසුතිය සදහා අපි සුදානම් කළා. ගූවන් මගින්ට කෑම සැපැයිම සදහා තිබෙන කූඩා මුළුතැන් ගෙයි තිබු පිහි කතූරු හැදි වගේ දේ හා සපත්තූ ලේස් මුහුණ පිසින තූවා වෛද්‍ය උපකරණ වීදියට පාවීචිචියට ගත්තා. දරුවාගේත් මවගේත් ආරක්‍ෂාවට වීෂබිජ නාශක ලෙස වොඩ්කා මැත්පැනින් සියලු උපකරණ සේදුවා.  ඉහළ අහසේ සිට වාසනාවන්ත දරුවක් මගේ සුරතින් මෙි ලෝකයට ඵක් කරන්නට මට හැකි වුණා. වසර 30ක් ගූවන් සේවීකාවක වශයෙන් සේවය කළත් මේ අත්දැකිම මට කවදාවත් අමතක නොවේ.‘