(ඉන්දිකා රාමනායක)
නාවික හමුදා සාමාජිකයන් ට කොරෝනා ආසාදනය වූයේ මේ රටේ ජනතාව වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කළ කැපවීම තුළින් බවත් ඒ හේතුවෙන් නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස ගම් වලින් කොන් කිරීමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (29)පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.
ඇතැම් ගම් වලින් නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් කොන් කරන බවට තොරතුරු ලැබ් ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන් මේ සම්බන්ධයෙන් කණගාටු වන බවද හෙතෙම කියා සිටියේය.
නාවික හමුදා සාමාජිකයන් මෙම වයිරසයට ගොදුරු වුයේ මහජනයා අතර මෙම වයිරසය පැතිරයාම වැලැක්වී සදහා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ව නොතකා කටයුතු කිරීම හේතුවෙන් බවද ආරක්ෂක ලේකම්වරයා කීය
යුද්ධය නිමාකිරීමට ත්‍රිවිධ හමුදාව සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා සේම කෙරෝනා වයිරසයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට ද ත්‍රිවිධ හමුදාව කැපවීමෙන් කටයුතු කළ බවද ආරක්ෂක ලේකම්වරයා කීය.
රටේ ගංවතුර ඇතුලු ස්වාභාවික විපත් වන සෑම අවස්ථාවකදීම පෙරමුණ ගන්නේ ද ත්‍රිවිධ හමුදාව බවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය
මෙම තත්ත්වය අනුව නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් කොන් නොකර ඔවුන් කළ මහඟු සේවය අගයමින් රට වැසි සියලු දෙනා එක්ව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය .

