‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්


(අංජුල මහික වීරරත්න)

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේශයේ ඉදිකිරීමට රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මෙම මුදල් වෙන් කර තිබේ. අදාළ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.