ආණ්ඩුව අධිකරණ තීන්දුවට හිස නැමිය යුතු යැයි ද, එම තීන්දුවට අනුව වැඩ නොකළහොත් රටේ මහා අවුලක් ඇති වන්නේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.
‘ජනතාවගේ ඡන්දයෙන් පත්වු පාර්ලිමේන්තුව නීතිය නොසලකා කටයුතු කරයි නම් රටේ ජනතාවත් නීතිය නොසකා හරියි. එවිට රටේ විනයක්, නීතියක් නැතිවී යාමට පුළුවන්. රටේ අරාජිකත්වයක් ඇති වෙනවා. මේ තීන්දුවට අවනත වුණොත් පමණයි රටේ හැතිවිය හැකි අරාජිකත්වය වළක්වන්න පුළුවන්.‘
‘දැන් ආණ්ඩුව කළ යුතුතේ දෝෂාභියෝගය හකුළා ගැනීමයි. රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුමයි. ‘

