සුජිත් හේවාජුලිගේ
ජනතා සිහින පසෙක තබා පෞද්ගලික දේශපාලන සිහින පමණක් සැබෑ කරගන්නා අවස්ථාවාදී පහත් දේශපාලන සංස්කෘතියක් රටේ බිහිවී තිබෙන බවත් හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා පෞද්ගලික සිහින පසෙක තබා ජනතා සිහින සැබෑ කිරිමට ගන්න දැරූ ශ්‍රේෂ්ඨ ජන නායකයකු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අද රටේ ගොඩක් අවුල් ඇතිවී ඇත්තේ මේ පහත් දේශපාලන සංස්කෘතිය නිසා යැයි ද ජනාධිපතිවරයා කීය.
ජනපතිවරයා මේ බව පැවසුවේ කොළඹ අලුත්කඩේ අධීකරණය අසල පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී අද (1) පැවති 25 වැනි ප්‍රේමදාස ගුණ සැමරුමට සහභාගී වෙමිනි.