මෙරටට අවනීතිය වෙනුවට නීතිය අවශ්‍ය බවත් මර්දනය වෙනුවට නිදහස අවශ්‍ය බවත් පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා බලපිටිය නගරයේ පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී පැවසීය.
‘අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙම නැතිව මැදමුලන අවනීතිය නෙමෙයි. ඒක කරන්න පුළුවන් ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කළ දේශපාලන සම්මුතියට පමණයි‘ යැයිද රත්නප්‍රිය මහතා කීවේය.

