සුජිත් හේවාජුලිගේ
අලුත්කඩේ නව අධිකරණ සංකිර්ණයක් ඇති කරන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පැවසීය.
දැන් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙනත් කටයුතු වලට යොදා ගන්නා බවද ඔහු කීය.
නඩු ප්‍රමාදය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් බව කී ඩෙප් මහතා පැමිණිලි ලැබෙන විනිසුරුවරුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.
අගවිනිසුරුවරයා මේ බව පැවසුවේ වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිමෙන් පසුව අද (31) අධිකරණ පරිශ්‍රයේ දී පැවති උත්සවයකදීය.